lakbima.lk

 

චීනයේ එක් දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර නිල හමුව චීන් ජනාධිපති මන්දිරයේ දී ඊයේ (14) පස්වරුවේ සිදුවිය. එහි දී චීන ජනාධිපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගත් අයුරු.

එහි දී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැති අතර  දෙරට අතර ආරක්ෂක අංශවල සහයෝගිතාව වෙනුවෙන් නව අවබෝධතා ගිවිසුමකට ද අත්සන් කෙරිණි.

ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය

 

පාස්කු ඉරිදා (21) දා මෙලෙච්ඡ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය කතෝලික බැතිමතුන්ට සර්ව ආගමික පිං පැමිණවීම  හා ප්‍රහාරයේදී තුවාල ලබා තවමත් ප්‍රතිකාර ලබමින් සිටින අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් මස්කෙළිය ප්‍රදේශයේ සිංහල, දමිළ  හා මුස්ලිම් ජනතාවගේ සහභාගීත්වයෙන් මස්කෙළිය පොදු ක්‍රීඩාංගනකයේදී ආගමික උත්සවයක් ඉකුත් (12) වන ඉරු දින පැවැත්විණි.

මෙහිදී සර්ව ආගමික නායකයින් විසින් තම ආගම් අනුව පිං පැමිණවීම හා සෙත් ප්‍රාර්ථනා කර ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ඉටි පහන් දැල්වීම සිදුකළහ.

මෙම අවස්ථාවට මස්කෙළිය ශ්‍රී සුමණාරාම විහාරාධිපති තපෝවනයේ සුසීත හිමි වැඩම කර සිටි අතර මස්කෙළිය ශාන්ත ජෝෂප් කතෝලික හා ක්වීන්ස්ලණ්ඩ් තේ වතුයායේ කතෝලික දේවස්ථානවල  පියතුමන්ලා පැමිණ සිටියහ.

මස්කෙළිය, සාමිමලේ, නල්ලතන්නිය, ගාඩ්මෝර්, මරේ යන ප්‍රදේශවල ජනතාව විශාල පිරිසක් මෙම ආගමික වැඩසටහනට සහභාගී වූහ.

ඡායාරූප හා සටහන - මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

පාස්කු ඉරිදා ප්‍රහාරයට සහ මුස්ලිම් අන්තවාදයට එරෙහිව ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකිකයන් පිරිසක් ඊයේ (12) සාමකාමී පාගමනක නිරත විය. ඉරිදා පෙරවරුවේ ඉතාලියේ නැපෝලි නගරයේ මුසේඕ සිට පියස්ස මුනිචිපියෝ දක්වා පැවැති මෙම සාමකාමී පාගමන පුජ්‍ය පක්ෂය ඇතුළු එරට සිටින ශ්‍රී ලාංකිකයින් 1500කට වැඩි ප්‍රමාණයක් එක්ව සිටියහ.

 

 

ඡායාරූප - තිලිණ ලොකුබාලසූරිය
 

 

 

ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ (USCGC Sherman) නෞකාව අද (12) කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ නෞකාව අද උදෑසන 10.00ට පමණ කොළඹ වරායට සේන්දු විය.

එහිදී නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී. නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන්, කපිතාන් (මාලිමා) රෝහිත අබේසිංහ කටයුතු කරනු ලබන අතර, නිලධාරීන් 22 දෙනෙකුගෙන් සහ නාවිකයින් 111 දෙනෙකුගෙන් එහි නැව් මුළුව සමන්විත වේ.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ අධ්‍යක්ෂක ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වී සිටියහ. තවද, නාවික හමුදා මූලස්ථානය සහ බටහිර නාවික විධානය නි‍යෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද එම අවස්ථාව සඳහා එක් වී සිටියහ.

ඉන් අනතුරුව, නාවික හමුදාධිපතිතුමා නෞකාවේ නිරීක්ෂණ චාරිකාවාරයක නිරතවූ අතර, එහිදී නෞකාවේ ක්‍රියාකාරීත්වය, මෙහෙයුම් සූදානම සහ සැකැස්ම පිළිබඳව නාවික හමුදාධිපතිතුමන්ගේ නිරීක්ෂණයට ලක් විය. මෙම නෞකාව නුදුරේදීම සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් අධිකාරියට පත් කිරීමට නියමිතව ඇත.

එමෙන්ම, පසුගිය වසරේ අගෝස්තු 27 වන දින මෙම නෞකාව නිල වශයෙන් නාවික හමුදාවට භාර දීමේ උත්සවය හවායි දුපතේ හොනොලුලු හිදි සිදු කෙරුණි. එහිදී ඇමෙරිකානු වෙරළාරක්‍ෂක බලකායේ අත්පත්කර ගැනීම් අංශයේ සහකාර ආඥාපති සහ ප්‍රධාන නිලධාරි, රියර් අද්මිරාල් හේකොක් මහතා විසින් ශ්‍රී ලංකා හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හට නෞකාව නිල වශයෙන් භාර දෙන ලදී.

ඒ අනුව මෙම නෞකාව මිටර් 115 ක දිගින් යුතු යුද ශිල්පීය අවි ආයුධ වලින් සමන්විත නෞකාවක් වන අතර, එය ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා කණ්ඩායමට එක් වූ පසු ශ්‍රී ලංකා නාවික හමුදාවේ භාවිතා වන විශාලතම නෞකාව බවට පත්වේ. ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ නාවික කටයුතුවල නිරත වන නෞකා සහ යාත්‍රා වෙත සහන සැපයිම සඳහා මෙම නෞකාව යොදා ගැනීමට අපේක්‍ෂා කර ඇත. 

 

මෙවර ශ්‍රි පාද වන්දනා සමයේදි හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය කරුණා කිරිමට පැමිණි වන්දනාකරුවන් විසින් නල්ලතන්නියේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ප්ලස්ටික් වතුර බෝතල් ලක්ෂ 10 පමණ  බැහැර කර තිබු බව මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ කර්මාන්ත ක්ෂෙත්‍ර නිලධාරි එ.ඩබ්ලිව් හේමන්ත මහතා පැවසිය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ.ඩබ්ලිව් හේමන්ත මහතා කියා සිටියේ ඉකුත් ශ්‍රි පාද වන්දන සමයන්ට සමගාමිව පරිසරය රැක ගැනිම සදහා ශ්‍රි පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජ මහ විහාරයේ විහාරාධිපති සබරගමු පලාතේ ප්‍රධාන සංඝ නායක සහ ඌවවෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වමින් වහන්සේගේ උපදෙස් පරිදි මාධ්‍යයට මගින් වන්දනාකරුවන් දැනුවත් කිරිම හේතුවෙන් හැටන් මාර්ගය ඔස්සේ පැමිණි වන්දනාකරුවන් ශ්‍රි පාද පරිසරය රැක ගැනිමට විශාල දායකත්වයක් දැක් වු බවයි.

නල්ලතන්නියේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ගමන් ගන්නා වන්දනාකරුවන්ට පානිය ජලය ලබා ගැනිමට නිසි වැඩ පිලිවෙලක් නොමැති නිසා පානිය ජලය අවශ්‍යයතාවය ලබා ගැනිමට වන්දනාකරුවන් මෙසේ ප්ලාස්ටික් වතුර බොතල් උඩ මළුව දක්වා රැගෙන යන බවයි.

එසේ රැගෙන ගිය ප්ලාස්ටික් වතුර බෝතල් වන්දනාකරුවන් විසින් කැලි කසල බදුන් වලට බැහැර කර තිබු ප්ලාස්ටික වතුර බෝතල් ප්‍රාදේශිය සභාවේ කම්කරුවන් සහ නල්ලතන්නිය  වනජිවි කාර්යයාලයේ නිලධාරින් සහ සේවකයින් විසින් අවස්ථා කිහිපයකදිම නල්ලතන්නිය දක්වා රැගෙනවිත් ඇත.

එසේ රැගෙන ආ ප්ලාස්ටික් වතුර බොතල් ප්‍රතිචක්‍රිකරණය සදහා යොමු කරන අතර  නල්ලතන්නියේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා  ගමන් ගන්නා වන්දනාකරුවන්ට පානිය ජලය ලබා දිමට වැඩ පිලිවෙලක් දියත් කරන්නේ නම් ඊලග වන්දනා වාරයේදි ප්ලාස්ටික් වතුර බෝතල් රැගෙන යාම තහනම් කිරිමට හැකි බවද හේමන්ත මහතා පැවසීය.

මේ අතර 2019/ 2020 ශ්‍රි පාද වන්දනා වාරයේදි  නල්ලතන්නියේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා වන්දනාකරුවන්ට පානිය ජලය ලබා දිමේ ව්‍යපෘතියක් ආරම්භ කිරිමට මේ වන විට ප්‍රතිපාදන වෙන් කර ඇති බව නුවරඑලිය අතිරේක දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා  ශ්‍රි පාද වන්දනා වරාය අවසන් කිරිම සම්බන්ධයෙන් පසුගිය දා නල්ලතන්නිය ග්‍රාමාසේවා කාර්යයාලයේ පැවති රැස්විමේදි පැවසිය.

2018/2019 ශ්‍රි පාද වන්දනා වාරය  වෙසක් දිනට පසු දින (19) අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසිය.

රංජිත් රාජපක්ෂ - හැටන්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.