lakbima.lk

ඉරුදින විශේෂ දේවමෙහෙය අද දින (28) පෙරවරුවේ කොළඹ රදගුරු නිවසේදි අඟරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම අවස්ථාවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද  සහභාගී විය.

 

 


දැඩි පොලිස් හා යුධහමුදා  රැකවල් මැද බදුල්ල ශාන්ත මාර්ක් දේවස්ථානයේදී සහ බදුල්ල ශාන්ත මරියා දේවස්ථානයේදී (28) ඉරිදා විශේෂ දේව මෙහෙයන් පැවැත්විණ.

පසුගියදා එල්ලවූ බෝම්බ ප්‍රහාරවලින් විපතට පත්වූවන් වෙනුවෙන් යාඥා කිරීම හා රජයට ජනතාවට හා ත්‍රිවිධ හමුදාවට හා පොලිසිය ආරක්ෂාව පතා යාඥා කිරීම මෙම දේවස්ථාන වලදී සිදුවිය.

සුලක්ෂ පියතිස්ස - බදුල්ල


රුපවාහිනිය නරඹමින් වතුකරයේ කිතුනු බැතිමතුන් ඉරිදා දේව මෙහෙයට සහභාගි වෙති.
පාස්කු ඉරුදින (21) එල්ල වු ත්‍රස්තවාදි ප්‍රහාරය නිසා ආරක්ෂන හේතුන් මත වතුකරයේ සියළුම දෙවස්ථාන වල දේව මෙහෙයන් අද (28) දින නොපැවැත්වුණු නිසා වතුකරයේ කිතුනු බැතිමතුන් රුපවාහිනියේ සඡිවිව විකාශනය වු දේව මෙහෙය නරඹමින් නිවසේ සිටම දේව මෙහෙයට සහභාගි වන අයුරු අප කැමරාවේ සටහන් විය.


කිතුනු  බැතිමතුන් සිටින සැම නිවසකම රුපවාහිනිය ඔස්සේ සජිවිව විකාශනය වු දේව මෙහෙය නරඹමින් නිවසේ සිටම දේව මෙහෙයට සහභාගි විය.

හැටන් රංජිත් රාජපක්ෂ

පසු ගිය ඉරිදා දිනයේ සිදුවු බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය අයට පිංපතා හා තුවාල ලැබුවන්ට සෙත් පතා හැටන් දික්ඔය නගර සභාව මගින් සර්ව ආගමික වැඩ සටහනක් අද(23) වන දින පවත්වන ලදි.

හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතාගේ උපදෙස් මත එම නගර සභා කාර්ය මණ්ඩලය මගින් මෙම සර්ව ආගමික වැඩ සටහන සංවිධානය කර තිබු අතර මෙම අවස්ථාවට හැටන්හි ආගමික ස්ථානවල ආගමික නායකයන්ද එක් විය.

මෙහිදි ඉටි පන්දම් පත්තු කර මිය ගිය අයට පිං පතා තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය පතාත් මෙම ආගමික පුජකවරුන් අශිර්වාද කිරිමද සිදු කරන ලදි.

සුදත් සෙල්ලහේවා - හැටන්  

 
පසුගියදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ කටයුතු සොයා බැලීමට ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) උදෑසන එම දේවස්ථානය වෙත ගියේය.
 
මීසම් සේවක පියතුමන් වන ගරු ශ්‍රිලාල් ෆොන්සේකා පියතුමා හමු වූ ජනාධිපතිතුමා ප්‍රදේශයේ සමස්ත කිතුනු බැතිමතුන් වෙනුවෙන් තම බලවත් කනගාටුව සහ සංවේගය උන්වහන්සේ වෙත පිරිනැමීය.
 
එමෙන්ම දේවස්ථානයේ නැවත ඉදිකිරීම් කටයුතු ද සොයා බැලූ ජනාධිපතිතුමා එම ඉදිකිරීම් හැකි ඉක්මනින් නිම කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවට තමන් උපදෙස් ලබා දී ඇති බව සඳහන් කළේය.
 
එමෙන්ම ජනාධිපතිතුමා මෙහි දී සඳහන් කළේ මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා යළි රට තුළ සිදුවීමට ඉඩ නොතබා ඒ වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම රජය මේ වන විට ගෙන තිබෙන බවයි.
 
මෙම ඛේදජනක සිදුවීමෙන් අනතුරට පත්වූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ ජනාධිපතිතුමා විපතට පත් සියලු ජනතාව වෙනුවෙන් උපරිම සහන සැලසීමට රජය පියවර ගෙන තිබෙන බව ද කියා සිටියේය.
 
සහයක මීසම් සේවක ගරු රවීන් සඳසිරි පෙරේරා පියතුමා ඇතුථ පියතුමන්ලා මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
 
 
ඡායාරූප : කපිල ආරියවංශ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.