lakbima.lk

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (17) රාත්‍රියේ සිට කඩින් කඩ අධික වර්ෂාවත් පතිත විය.

වර්ෂාවත් සමගම තද සුලං තත්ත්වයක් ද පවතින අතර , වරින් වර හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේත් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයෙත් ස්ථාන කිහිපයකම ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් වන ලෙසත් සෙමින් රිය ධාවනය කරවන ලෙසත් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

හැටන් රංජිත් රාජපක්ෂ                     

හක්ක පටස් ආහාරයට ගැනීමෙන් මුඛයට හා හනුවලට බරපතල තුවාල සිදුවීමෙන්නිරාහාරව සිටියදී  ප්‍රතිකාර ලබමින්සිටි දස හැවිරිදි වන අලියෙකු  මියගොස් ඇති බව ඇලහැර වනජීවී අඩවි ආරක්ෂක රන්ජිත් විජිත මහතා පවසයි.

දඹුල්ල - අගුනුකොලපැලැස්ස ප්‍රදේසයේදී  අලියා මියගොස් තිබේ.

තුවාල හේතුවෙන් ආහාර ගැනීමට නොහැකිව වැටි සිටි අලියා පිලිබදව ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත ගිරිතලේ ප්‍රදේශය භාර පශු වෛද්‍ය කලිඟුආරච්චි මහතා ඇතුලු  කණ්ඩායමක් විසින් ප්‍රතිකාර ලබාදීම සිදුකර තිබේ.

එහෙත් මුඛයට හා හනුවලට සිදුව ඇති බරපතල තුවාල ආසාදනයට ලක්වීම හා දින ගනනාවක් නිරාහාරව සිටීම නිසා අලියා මියගිය බවට පශුවෛද්‍යවරුන් විසින් නිගමනය කර ඇති බව රන්ජිත් විජිත මහතා පැවසිය. 

දඹුල්ල - අශෝක එරමිනිගම්මන

අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 190වන ධර්ම දේශනය පවත්වන ලද්දේ පොළොන්නරුව ඓතිහාසික ඉසිපතනාරාම රජමහා විහාර වාසී විචිත්‍ර කාව්‍ය ධර්ම දේශක, කාව්‍ය ශ්‍රී පූජ්‍ය පාද මාතලේ අනෝමදස්සී නාහිමියන්  විසිනි. 
 

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමන්, ශිරන්ති රාජපක්ෂ මැතිනිය, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති හිටපු අමාත්‍ය ජී. එල් පීරිස්  ඇතුලු පිරිසක් මෙම ධර්ම දේශ්නාව  ශ්‍රවනය කිරීමට එක්විය. 
 
ඉන් අනතුරුව ආබාධිත පුද්ගලයන් සදහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් කෘතිම පාද ලබාදීමක් සිදුකල අතර එය සංවිධානය කරන ලද්දේ Me For You අරමුදල හා සහෝදරත්වයේ පියසටහන් පදනම, තුරුළිය සවිය පදනම එක්ව ගොඩනැගූ "ජීවය" ව්‍යාපෘතිය මගිනි.
 
එම අවස්ථාවට ශිරන්ති  රාජපක්ෂ මැතිණිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමා මෙම අවස්ථාවට සහභාගි විය.
 
ඉන් අනතුරුව තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට පැවති කිරිබත් දන්සල විවෘත කිරීමේ අවස්ථාවට  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභගී විය.

ඇසල පොහෝ දා අර්ධ චන්ද්‍රග්‍රහණය කදුකරයේ ස්ථාන කිහිපයකටම ඝන වලාකුළු අතරින් පියවි ඇසට දැක ගැනිමට ඊයේ (16) හැකිවිය.

 


මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල ඊයේ රාත්‍රි පැවති අධික මිදුම සහ ඝන වලාකුළු අතරින්  අලුයම 2 ට පමණ අර්ධ චන්ද්‍රග්‍රහණය දිස්විය.


මේ වසරේ දිස්වන අවසන් අර්ධ චන්ද්‍රග්‍රහනය මේ බවත්, මෙවැනි චන්ද්‍රග්‍රහයක් 2021 වසරේ දිස්වන බව තාරකා විද්‍යාඥයින් ප්‍රකාශ කර තිබුණි.

හැටන් - රංජිත් රාජපක්ෂ

රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඬුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගෝණකුඹුර "විසඳේ පැන් පහස" ජල ව්‍යාපෘතියේ වැඩ කටයුතු, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන්  ආරම්භ කෙරිණ. මේ සඳහා මධ්‍යම රජයෙන් රුපියල් ලක්ෂ 130ක මුදලක් වෙන්කොට තිබේ.

ගෝණකුඹුර, දෙමනගම්මන, අම්පිටිය, වැලිමළුව, පිටකුඹුර, මාෂල් වැලිවත්ත, දෙකන්දන, මුල්ලක්කඩ ආදී ගම්මාන 20කට ආසන්න සංඛ්‍යාවක ජීවත්වන ජනතාවට මෙම ජල ව්‍යාපෘතියෙන් පානීය ජල පහසුකම් සැපයේ. එළඹෙන දෙසැම්බර් මාසය පමණ වන විට මෙම පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇත. ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් නියෝජ්‍ය අමාත්‍යතුමන් විසින් එම භූමියේ කුඹුක් පැළයක් රෝපණය කිරීම සඳහා ද එක් විය.

කළුතර, කැලිඩෝ වෙරළ තීරයට අයත් මුහුදේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු (06) බේරා ගැනීමට නාවික හමුදාව සමත් විය.

ඒ අනුව, මෙම පුද්ගලයින් කළුතර, කැලිඩෝ වෙරළ තීරයට අයත් මුහුදේ දිය නෑම සඳහා මුහුදට බැස ඇති අතර,එහිදී දියේ ගිලෙන බව නිරීක්‍ෂණය කළ ප්‍රදේශවාසින් පිරිසක් වෙරළ තීරයේ ජිවිතාරක්‍ෂක රාජකාරියෙහි නියුතු නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්විමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4RU) අනුයුක්ත ජීවිතාරක්ෂක නාවිකයින් දැනුවත් කර ඇත.

එහිදී, ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික පුද්ගලයින්  දියේ ගිලෙමින් සිටි මෙම පුද්ගලයින් බේරා ගැනීමට සමත් වූ අතර, මෙසේ ‍බේරා ගනු ලැබුවේ අවුරුදු 24 ත් 30 ත් අතර වයස් වල පසුවන කළුතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බව හඳුනාගෙන ඇත.

‍එමෙන්ම, දිවයින වටා පිහිටි වෙරළ තීරයන්හි සුන්දරත්වය විද ගැනීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්‍ෂාව සඳහා පැය 24 පුරා නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවිමට නාවික හමුදාව කටයුතු කර ඇත.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.