lakbima.lk

මධ්‍යම කඳුකරයට මාස කීපයක් තිස්සේ පවතින දැඩි වියළි කාළගුණය හේතුවෙන් කාසල්රී ජලාශයේ ජලය සීඝ්‍ර ලෙස පහත බැසීමත් සමග ජලාශය තුල ගොඩ ගැසී ඇති ටොන් ගණනක ප්ලාස්ටික් හා පොලිතීන් අධික උෂ්ණත්වය නිසා රත්වීමෙන් ජලාශයේ මත්ස්‍යයන් ඇතුලු ජලජ ජීවීන් මිය යෑමේ තර්ජණයට ලක්ව ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසති.

මෙම තත්වය සැළකිල්ලට ගනිමින් නෝර්වූඩ්, නිව්වැලිගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යාපන කටයුතු වල නිරතව සිටින සිසු සිසුවියන්, එහි උපදේශකවරුන් හා පොලිස් නිලධාරින් එක්ව ජලාශයේ තැන්පත්ව ඇති ප්ලාටික් හා පොලිතීන් ඇතුලු දිරා නොයන ඝණ අපද්‍රව්‍ය රැස් කිරීමේ ශ්‍රමදානයක් පසුගියදා  පවත්වනු ලැබීය.

ශ්‍රමදානයේදී එක් රැස් කරන දිරා නොයන ඝණ අපද්‍රව්‍ය සිසුන් විසින් ගිනි තබා විනාශ කරන ලදී.

මෙම ශ්‍රමදානයට නිව්වැලිගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සිසු සිසුවියන් 100 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වූහ.

ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

“විදුලි ඉස්තිරික්ක ඇති අපට ‍පොල්කටු ඉස්තිරික්ක කුමටදැ”යි කියූ මිනිස්සු දැන් ආපහු ‍පොල්කටු ඉස්තිරික්කයෙන් වැඩ ගනිති. ඒ “විදුලිය නැති අපට මොන විදුලි ඉස්තිරික්කදැයි” කියමිනි. විදුලිය නැති අතීතයේත් මිනිස්සු මෙපරිද්දෙන්ම සිය කාර්යය කර ගත්හ. විදුලිය නැතිව ගවෛන එක් වරුවකට රට කොතෙක් ආපස්සට යා හැකිද? මේ මොහොතේ රට ආපස්සට හෝ ඉදිරියට ගෙන යාමේ එකම තීරකයා විදුලි බල මණ්ඩල යයි.

ඡායාරූපය - මලිත් ගමගේ

‘ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019’ වැඩසටහන සඳහා සහභාගිවිමට පසුගිය මාර්තු 23 වන දින ශ්‍රී ලංකාවට සේන්දු වු ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් ‘කැන්බරා’ නෞකාවේ නිරික්‍ෂණ චාරිකාවක නිරත විමට ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් හට ඊයේ (මාර්තු 26) කොළඹ වරාය පරිශ්‍රයේදී අවස්ථාව උදාවිය.

ඒ අනුව, එම නෞකා‍වේ ඇති යුද උපකරණ සහ නෞකා‍වේ ඉතිහාසය පිළිබදව දැනුවත් කරන ලද  අතර, නෞකා‍වේ ඇති කුඩා යාත්‍රා මගින් මුහුදු සංචාරයක් සිදුකිරීමේන් අනතුරුව නෞකා‍ව සතු හෙලි‍කොප්ටර් යානා මගින් භාණ්ඩ හුවමාරු කිරීමේ පෙරහුරුවක් ද පවත්වන ලදි.

මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අද වන විට පිටාර මට්ටමේ සිට අඩි 62.6 දක්වා පහල බැස ඇති අතර එහි දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 6 පමණක් විදුලි උත්පාදනයට ජලය ලබා ගත හැකි බවත්, කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 48 දක්වා පහල බැස ඇති බවත්, එහි දැනට තිබෙන ජල ධාරිතාවෙන් අඩි 10 පමණක් විදුලි උත්පාදනය සදහා ලබා ගත හැකි බව විදුලි බල මණ්ඩලය පවසයි.

මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ට්ම සිඝ්‍රයෙන් පහල බැසිම නිසා  එම ජලාශයේ ඉදි කිරිමේදි යට වු ශ්‍රි සම්මුගනාදන් හින්දු ඝන දෙවි කෝවිලේ පුජා කටයුතු ප්‍රදේශවාසින් විසින් දිනපතා සිදු කරන අතර 1917 දි ඉදි කරන ලද එම කෝවිල සම්පුර්ණයෙන්ම කළු ගලෙන් ඉදි කර ඇත.

එම හින්දු කොවිලේ අලංකාරය සදහා කුළුණු වල ගල් කැටයම් සිදු කර ඇති අතර එම ගල් කැටයම් තවදුරටත් ආරක්ෂිතව පවති.

මේ අතර කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහල බැසි නිසා 1979වර්ෂයේ  කොත්මලේ ජලාශය ඉදි කිරිමේ දි ජලාශයට යට වු කඩදොර රජ මහ විහාරය සහ තිස්පනේ විහාරය මේ වන විට මතු වෙමින් පවති.

එම ජලාශයේ  34% ජල ධාරිතාවක් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසයි.

හැටන් රංජිත් රාජපක්ෂ

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 70 වන ඡන්ම දිනය නිමිති කරගෙන විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සහ වැඩිහිටියන් සදහා කෘතිම පාද ලබාදීමේ වැඩසටහන පසුගිය දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම අවස්ථාවට මහා සංඝරත්නය සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ජනමාධ්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, ආශු මාරසිංහ යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ. 

 

කොස්ගම සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක පන්නිපිටිය - මහරගම අතර ප්‍රදේශයේදී මෝට‍ර් රථයක් ගැ‍ටීමෙන් අනතුරක් සිදුවී තිබේ. ගේට්ටුව වසා තිබෙන අවස්ථාවේදී දුම්රිය මාර්ගය හරහා යෑමට තැත් කළ මොටර් රථය මෙසේ අනතුරට ලක් වී ඇත. අනතුරෙන් මොටර් රථයට හානි සිදුවී ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදුවි නොමැති බව වාර්තා වෙයි.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.