lakbima.lk

 
නාගදීප පුරාණ රජමහා විහාරයේ හිටපු විහාරාධිපති, බ්‍රාහ්මණ වත්තේ ධම්මකිත්ති තිස්ස හිමියන්ගේ ගුණානුස්මරණය සහ වර්තමාන විහාරාධිපති, උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ප්‍රවීනාචාර්ය අතිපුජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමියන්ගේ 59 වන ජන්ම දිනය නිමිතිකර ගනිමින් පසුගිය අප්‍රේල් 02 සහ 03 යන දෙදින නාගදීප පුරාණ විහාර පරිශ්‍රයේදී පිංකම් මාලාවක් පැවැත්විණි.
 
එම පිංකම් මාලාවට සමගාමිව නාගදීප විහාරස්ථානය විසින් පවත්වන ලද කවි බණ ධර්ම දේශණාවට මෙන්ම ගරුතර මහා සංඝරත්නය විෂයෙහි දානමය පිංකමට සහ පිරිකර පූජාව සඳහා උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විශාල පිරිසක් දායකත්වය සපයන ලද අතර, ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් බත් දන්සැලක් ද සංවිධානය කර තිබූණි.
 
මෙම පිංකම් මාලාව සඳහා උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, උතුරු නාවික විධානයට අයත් ආයතන හා නෞකාවන්හි අණදෙන නිලධාරින් මෙන්ම උතුරු නාවික විධානයට අනුයුක්ත නිලධාරින් සහ නාවිකයින් රැසක් සහභාගිවි සිටියහ. තවද, මෙම උතුම් පුණ්‍ය ක්‍රියාව සඳහා දායකත්වය සැපයිම සම්බන්ධයෙන් නාගදීප රජමහා විහාරස්ථානාධිපති විසින් සෙත් පිරිත් සජ්ඣායනයක් සිදු කොට උතුරු නාවික විධානයට මෙන්ම සමස්ථ නාවික හමුදාවටආශිර්වාද පුද කෙරිණි.

කොළඹ, තුන්වන හරස් විදියේ පිහිටි රෙදිපිළි අලෙවිසැලක හදිසියේ හටගත් ගින්නක් නිවා දැමිමට  නාවික හමුදා ගිනි නිවිමේ කණ්ඩායමක් ඊයේ (03) සහාය ලබා දෙන ලදී. ඒ අනුව එම ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලක විශාල ගින්නක් හට ගෙන ඇති බවට කොළඹ, කොටුව පොලිසිය විසින් සිදුකළ දැනුම් දිමෙන් අනතුරුව ඒ සඳහා නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක් කඩිනමින් එම ස්ථානය වෙත පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

ඒ අනුව බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයට අනුයුක්ත ගිනි නිවිමේ කණ්ඩායම සඳහා ගිනි නිවීමේ රථයක්, වතුර බවුසර්යක් සහ නාවික පුද්ලගලයින් 11 දෙනෙකු ඇතුළත් විය. තවද, එම ගින්න නිවා දැමිම සඳහා කොළඹ මහ නගර සභාවේ සහ කොළඹ වරායේ ගිනි නිවීමේ කණ්ඩායම් දෙකක් ද එක්ව සිටි අතර, එහිදී ගිනි නිවිමේ කණ්ඩායම් එක්ව මහත් පරිශ්‍රමයක් දරමින් එම වෙළෙඳසැල පුරා ව්‍යාප්ත වෙමින් තිබූ ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීම‍ට සමත් විය.

 

ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ නාවික හමුදා ඇළ මාර්ග පිරිසිදු කිරීමේ විශේෂ ව්‍යාපෘතිය මඟින් පෑලියගොඩ නගරයේ ඉදි වෙමින් පවතින නව එළවලු වෙළදසැල අසලින් ගලා බසින ඇල මාර්ගය පිරිසිදු කිරීම සඳහා වැඩ කටයුතු ආරම්භ කරන ලදී.  
 
එම ඇළ මාර්ගය අපද්‍රව්‍ය සහ ආක්‍රමනික ජලඡ පැලෑටි වලින් අවහිරව තිබූ අතර, එමඟින් ගංවතුර අවධානමක් ඇතිවිය හැකි බව ද නාවික හමුදාව නිරික්‍ෂණය කර ඇත. 
 
ඒ අනුව,කඩිනමින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාව එම ඇල මාර්ගය පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කරන ලද අතර, මෙම කර්තව්‍ය සඳහා නාවික පුද්ගලයින් 31 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යෙදවිමට නාවික හමුදාව කටයුතු කර ඇත.
 
තවද, අපද්‍රව්‍ය සහ ආක්‍රමනික ජලඡ පැලෑටි වලින් අවහිරව ඇති ඇළ මාර්ග සහ වැව් පද්ධතින් පිරිසිදු කර අලංකාරවත් අයුරින් සහ ප්‍රයෝජනයට ගත හැකි පරිදි සකස් කිරීමට නාවික හමුදාව කටයුතු කරන අතර, ඒ සඳහාම වෙන්වු විශේෂ ඒකකයක් නාවික හමුදාව තුළ ස්ථාපිත කර ඇත. 
 
ඒ අනුව එම ඒකකය මඟින් විනාශයට ලක්වෙමින් තිබෙන ඇළ මාර්ග සහ වැව් පද්ධතින් පිරිසිදු කර මතු පරපුර වෙනුවෙන් සුරක්‍ෂිත කර දිමට නාවික හමුදාව කටයුතු කරමින් සිටි.

 

 

 
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන විශාලතම පුහුණු අභ්‍යාසය ‘Western Shield’ ලෙසින් 2019ජූලි 01වන දින ආරම්භ කිරීමට නියමිතය. මෙම යුද අභ්‍යාසය යුද්ධ හමුදාවේ සේවා රෙජිමේන්තු භටයින් ඇතුළු නාවික හා ගුවන් හමුදා භටයින්ගේ ද සහාය ඇතිව ආරම්භ කිරීමට නියමිතය.
 
මෙම අභ්‍යාසය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයක් මත පාබල හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්ගේ අධීක්‍ෂණයෙන් ‘Western Shield’ යුද අභ්‍යාසයේ සියළු කටයුතු මේ වන විට අවසන් කර ඇත. 
 
මෙම අභ්‍යාසය සඳහා පාබල හමුදා සාමාජිකයින් 5000ක්, සේනාංකාධිපතිවරුන් 3ක්, බලසේනාධිපතිවරුන් 9දෙනෙකුන් හා අණදෙන නිලධාරීන් 15දෙනෙකු සමගින් යුද්ධ හමුදා ආධාරක කණ්ඩායමක් අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල හමුදා මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ අනුරාධපුර, මන්නාරම සහ පුත්තලම යන ප්‍රදේශයන් ආවරණය වන පරිදි ‘Western Shield’ අභ්‍යාසය මාසයක් පුරා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. 
 
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදා නිලධාරීන්ගේ වෘත්තීය අවශ්‍යතා හොඳින් හඳුනාගෙන, අනාගතයේ ඇතිවිය හැකි යුදමය තර්ජනයන්ට මුහුන දීම සඳහා, උපායශීලී ක්‍රියාකාරීත්වය, සතුරු ප්‍රහාර, පාබල මෙහෙයුම්, න්‍යායාත්මක අවබෝධය, තීරණ ගැනීම සහ මෙහෙයුම් හැකියාවන්, සිතියම් කියවීම, අණදීම ආදී කටයුතු මෙන්ම චිත්ත ධෛර්යය සහ මානසික සූදානම පවත්වාගෙන යාම සඳහාය. 
 
විශේෂයෙන්ම ත්‍රස්තවාදීන්ට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුම් අවසන් කිරීමෙන් වසර 10ක් ගතවීමෙන් පසුව මෙම අභ්‍යාසයන් ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබා දී ඇත.
 
මෙම ‘Western Shield’ අභ්‍යාසයේදි මන්නාරම සිට පුත්තලම දක්වා කල්පිටිය, විල්පත්තුව ජාතික වනෝද්‍යානය, මාවිල්ලු සහ තබ්බෝව වන රක්ෂිතයන් සහ බටහිර වෙරළ තීරයේ අභ්‍යාස කිරිමට නියමිතයි. වණ රක්‍ෂණ බළධාරීන්ට හැර වෙනත් අයවළුන් හට ප්‍රවේශ වීමට නොලැබෙන ප්‍රදේශ හරහා ගමන් කිරීමට මින් යුද්ධ හමුදාවට අවස්ථාවක් ලබාදී ඇත.
 
සති අන්තයේදී මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන විසින් දියතලාව ප්‍රදේශයේ පැවති මිත්‍ර ශක්ති පුහුණු වැඩසටහනට සහභාගි වූ ශ්‍රී ලංකා හා ඉන්දියානු භට පිරිස් මුණ ගැසීමට ගොස් සිටි යුද්ධ හමුදාපතිතුමන් වෙත ‘Western Shield’ හි ඇති ප්‍රයෝගික හා අනෙකුත් අවශ්‍යතාවයන් ගැන පැහැදිලි කළේය.
 
පූරා මාසයක් පුරා ආවරණය වන දැවැන්ත පාබල පුහුණු අභ්‍යාසය (Western Shield), යුද්ධ හමුදා ඉතිහාසයේ විශාල සන්ධිස්ථානයක් බවට පත් වන අතර එහිදි භට පිරිස් හට ක්‍රියාන්විත මෙහෙයුම් පිළිබඳ දැනුම වැඩි දියුණු කර ගැනීමට හා දැනට ලබා ඇති දැනුම තවදුරටත් යාවත්කාලීන කරගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.
 

තවත් ජනාධිපතිවරණයක් එපා. විධායක ජනාධිපතිවරණය වහා අහෝසි කරන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) ප.ව. 03.15 ට පමණ පුණ්ඩළුඔය නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විණි.

උද්ඝෝෂකයින් විරෝධතා පුවරු අතැතිව පුණ්ඩළුඔය නගර මධ්‍යයේ පෙළපාලියකින් ගමන් කිරීමෙන් අනතුරුව ප්‍රධාන බස් රථ ගාල ඉදිරිපිටදී උද්ඝෝෂණයේ නිරත වූහ.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ කොත්මලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී කපිල බණ්ඩාර, අඹගමුව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි යන  මහතත්වරුන් ඇතුලු එම පක්ෂයේ විශාල පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.