lakbima.lk

 
බොම්බ ප්‍රහාරවලින්  මිය ගිය අය සිහි කර හැටන් පොලිසියේ නිලධාරීන් හැටන් මුලස්ථාන පොලිසිය ඉදිරිපිට විනාඩි තුනක නිෂ්ශබ්දතාවයක නියැලුණි.
 
අද (23) උදැසන 8.30 සිට 8.33 දක්වා විනාඩි තුනක නිෂ්ශබ්දතාවයක නියැලි සිටිහ.
 
 
මේ අතර හැටන් නගර මධ්‍යයේද ධාවනය වු සියළුම රථ වාහන නතර කර ප්‍රදේශවාසින් විනාඩි තුනක නිෂ්ශබ්දතාවයක නිරත වුණිි
 
හැටන් රංජිත් රාජපක්ෂ     

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ උත්සවය අද (17)  පෙ.ව. 7.40ට බෙල්ලන්විල රජමහා විහාරෙයේදී පැවැත්විණි. බෙල්ලන්විල රජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතණ නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැති අතර හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට එක්විය.

 

 

දිවයින පුරා රෝහල් වලට අවශ්‍ය නවීන ගිලන් රථ බෙදාදීමේ වැඩපිළිවෙලට අනුව තවත් ගිලන් රථ 118 ක් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අද (11) පෙරවරුවේ බෙදා දෙනු ලැබුණී. ඒ කොළඹ මහ නගර සභා භූමියේ දී ය.

ෆෝඩ් වර්ගයේ ගිලන් රථ 118 ක් මෙහිදී බෙදා දෙන ලදි.  එක් ගිලන් රථයක වටිනාකම රුපියල් අනූඑක්ලක්ෂ හැත්තෑපන්දහසකි.

 

මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් නිමල් බාලසූරිය, අතිරේක ලේකම්වරුන් වන ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ගීතාමනී කරුණාරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුලු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ප්‍රවාහන අධ්‍යක්ෂ මනෝඡ් කරුණාරත්න, රෝහල් අධ්‍යක්ෂවරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

 

 
ජල පෝෂක ප්‍රදේශවලට වැසි අපේක්ෂාවෙන් ලංකා විදුලි බල මණ්ඩලය මගින් මස්කෙලිය සමන් දේවාලයේ පින්කම් රැසක් පවත්වයි.
 
ජල පෝෂක ප්‍රදේශවලට නිසි කලට වැසි අපෙක්ෂා කරමින් ලංකා විදුලි බල මණ්ඩලය මගින් මස්කෙලිය සමන් දේවාලයේ ඊයේ (10) රාත්‍රියේ විශේෂ පින්කම් රැසක් පැවැත්වුවා.
 
ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ නියෝජ්‍යය සාමාන්‍යාධිකාරි  සි.ජි.එස් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණයේ සුබසාධක සංගමය එක්වයි මෙම පින්කම් සංවිධානය කර තිබුණේ.
 
මස්කෙලිය සමන් දේවාලයේ ඊයේ රාත්‍රියේ විශේෂ බෝධි පුජාවක් පවත්වා පසුව සමන් දෙවියන් වෙනුවෙන් විශේෂ දේව පුජාවක්ද  පවත්වනු ලැබුවා.
 
ඊයේ රාත්‍රියේ සිට අද (11) අලුයම තෙක් මහ සංඝ රත්නයේ සහභාගිත්වයෙන්  පිරිත් සඡ්ඡායනාවක් ද පවත්වා අද අලුයම මහ සංඝ රත්නය විෂයෙහි හිල් ධානය පිළිගන්වා ගරුතර මහ සංඝ රත්නය වෙනුවෙන් පිරිකර පුජාවක්ද පවැත්වුහ.
 
මෙම පින්කම සදහ කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන ,පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර ජල විදුලි බලාගාරවල ඉංජිනේරුවන්, සේවකයින් සහ ඔහුන්ගේ පවුලේ සමාජිකයන් මෙන්ම මස්කෙලිය , නල්ලතන්නිය අවට ප්‍රදේශවාසින් සහ ආරක්ෂක අංශවල නිලධාරින් රැසක් සහභාගි විය.
 
හැටන් රංජිත් රාජපක්ෂ 
 

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (10) පස්වරුවේ ගිගුරුම් තද  වැසි පතිත විය.

අද පස්වරු 1.30 සිට පස්වරු 3.00 දක්වා බගවන්තලාව, නොර්වුඩ්, මස්කෙලිය, නල්ලත්නිය සහ හැටන් යන ප්‍රදේශවලට තද වැසි පතිත විය.

අධික වර්ෂාවත් සමගම කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වලට ප්‍රධාන වශයෙන් ජලය සපයන කෙසෙල්ගමුඔයේත්, මස්කෙලිය ඔයෙත් ජල මට්ටම තරමක් ඉහල ගොස් ඇති බවයි විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් කියා සිටියේ.

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මාස කිහිපයක් තිස්සේ පැවති අධික වියළි කාලගුණය හේතුවෙන් එම ජලාශවල ජල මට්ටම පහල බැස තිබු අතර,  ප්‍රදේශය පුරා ජල මුලාශ සිදි යාම නිසා උග්‍ර පානිය ජල ගැටළුවක්ද මතු වි තිබුණි.

හැටන් රංජිත් රාජපක්ෂ

නුවරඑලියේ සිට කොළඹ දක්වා අධික වේගයෙන් ධාවනය වු වැන් රථයක් ලොරි රථයක ගැටිමෙන් වැන් රථයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා වටවල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව තුවාල ලැබු රියදුරු වැඩි දුර ප්‍රතිකාර සදහා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

ගිනිගත්හේනේ සිට හැටන් දක්වා ධාවනය වු ලොරි රථයකට ඊයේ (09) පස්වරු 5 ට පමණ මෙම වැන් රථය ගැටි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ෂැනන් වත්ත ප්‍රදේශයේදිය.

නුවරඑලියේ මේ දිනවල වසන්න උදානයට පැමිණි පවුලේ පිරිසක් රැගත් වැන් රථය කොළඹ දක්වා ධාවනය කරවන අතරතුර අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් වැන් රථයේ සිටි අනෙක් අයට කිසිදු අනතුරක් සිදු වි නොමැති බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ (09) පස්වරුවේ මධ්‍යම කදුකරයට ඇද හැලුණු වර්ෂාවත් සමග අධික වේගයෙන් ධාවනය වි ඇති වැන් රථය  ලිස්සා ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් ඉදිරියට ධාවනය වෙමින් තිබු ලොරි රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

නුවරඑලියේ වසන්ත උදානයට සහභාගි විම සදහා පිට පලාත් වල සිට දිනපතා විශාල පිරිසක් වාහනවලින් හැටන් මාර්ගය ඔස්සේ නුවරඑලියට පැමිණෙන බවත්, එසේ පැමිණෙන  එසේ පැමිණෙන වාහන සෙමින් සැලකිලිමත් ලෙස  රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

හැටන් රංජිත් රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.