lakbima.lk

කථානායකතුමා විසින් සෞඛ්‍ය අමාත්‍යතුමන්ගෙන් කරන ලද ඉල්ලීමට අනුව සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය වෙත නව ගිලන් රථයක් ලබා දීම අද (20) දින පෙරවරුවේ කථානායක ජයසුරිය මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිසුම අසලදී සිදු විය.

පොසොන් උත්සවය නිමිති කර ගෙන නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද කඩල දන්සලක්  නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදි පවත්වන ලදි.

රජය මගින් ප්‍රකාශයට පත් කර ඇති පොසොන් සතියට සමගාමිව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්. බි. ආර්. පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය මගින් මෙය සංවිධානය කරන ලදි.

මෙම අවස්ථාවට නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් පී. ඒ. සරත්චන්ද්‍ර, අතිරේක ලේකම් (ඉඩම්) අමිල නවරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක්  එක් විය.

සුදත් සෙල්ලහේවා  - හැටන්

කතරගම පුද බිමේ වාර්ෂිකව පැවැත්වෙන ඇසල පෙරහැරට සහභාගි විම සදහා වතුකරයේ බැතිමතුන් පිරිසක් කතරගම දක්වා පාගමනක් ආරම්භ කර ඇත.

ඊයේ (19) පස්වරුවේ මස්කෙලිය සාමිමලේ ශ්‍රි සම්මුගනාදන් හින්දු කොවිලේ පැවති විශේෂ ආගමික පුජාවකින් අනතුරුව හින්දු බැතිමතුන් පාගම ආරම්භ කළේය.

ඊයේ පාගම ආරම්භ කල හින්දු බැතිමතුන් ඊයේ රාත්‍රි නොර්වුඩ් හින්දු කොවිලේ විවේක ගැනිමෙන් අනතුරුව අද (20) උදැසන යලිත් ගමන් ආරම්භ කරනු ලැබීය.

වසර 12 තිස්සේ අඛන්ඩව කතරගම ඇසල පෙරහැරට සහභාගි විම සදහා වතුකරයේ සිට  පාගමන් ආරම්භ කල පළමු කණ්ඩායම මෙය බවත්, තමන් හැටන් , නුවරඑලිය , වැලිමඩ , බණ්ඩාරවෙල , ඇල්ල වැල්ලවාය , බුත්තල දක්වා ගමන් කර එතැන් සිට රක්ෂිත මාර්ගයක් ඔස්සේ කතරගම දක්වා කිලෝමිටර 200 ආසන්න දුර ප්‍රමාණයක් පාගමනින් කතරගම දක්වා ගමන් කරන බවයි පාගමනේ යෙදෙන  පිරිස කියා සිටියේ.

දිනකට කිලෝමිටර 40 පමණ ගමන් කර ප්‍රධාන නගර වල පිහිටි හින්දු කොවිල් වල සහ විහාරස්ථාන වල විවේක ගන්නා බවත්, එම කොවිල් වලින් සහ වෙහෙර විහාරස්ථාන වලින් තමන්ට අවශ්‍යය පහසුකම් සලසන බවයි පාගමනේ යෙදෙන පිරිස කියා සිටියේ.

කතරගම ඇසල පෙරහැර ලබන මස 3 දින ආරම්භ කෙරේ.

හැටන් රංජිත් රාජපක්ෂ 



ඉන්දීය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 200 දෙනෙකුගෙන් යුත් නියෝජිතයින් පිරිසක් දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය.

ඒ අනුව ද්වීපාර්ශවික සුහද සංචාරයක් සඳහා  මෙරටට පැමිණි ඉන්දීය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ භාර්යාවන්  ගාලු කොටුව ඇතුළු වැදගත් ස්ථාන රැසක් නැරඹිම සඳහා එක්විය.  

තවද, මෙම නියෝජිත පිරිස දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ අඥාපති, කොමදෝරු අනුර ධනපාල හමුවූ අතර, එහිදී ආඥාපති විසින් ඔවුන් හට සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු කරන ලදි.


ගිනිගත්හේන පොල්පිටිය ශ්‍රි බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ චෛත්‍යය රාජාණයාණන් වහන්සේගේ  කොත් පැළදවිම සහ චෛත්‍යය ඝර්භයේ සමාධි බුදු පිලිම වහන්සේ නේත්‍රා ප්‍රතිෂ්ඨපනය කිරිම.

ගිනිගත්හේන කළුගල ශ්‍රි බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ චෛත්‍යය රාජාණන් වහන්සේගේ කොත් පැලදවිම සහ චෛත්‍යය ඝර්භ සමාධි බුදු පිලිම වහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපනය කිරිම ඊයේ (18) සිදු කෙරිණ.

සියම් මහ නිකාගේ අස්ගිරි පාර්ශවයේ අනුශාසක පොලොන්නරුව දොලොස්මස්ථානාධිපති  මහනුර ගොඩිගේ රජමහාවිහාරධිපති ශ්‍රි මත් වෙඩවරුවේ උපාලි නා හිමියන්ගේ ප්‍රධානත්වයෙනුයි චෛත්‍යය රාජාණන් වහන්සේගේ කොත් පැලද විම සිදු කලේ.

එම විහාරස්ථානයේ ඉකුත් 16 වෙනි දින සිට පින්කම් රැසක් පැවැත්විණ.

චෛත්‍යය රාජාණන් වහන්සේගේ කොත්  පැලද විමේ උත්සවයට විශාල බැතිමතුන් පිරිසක් සහභාගි විය.

හැටන් - රංජිත් රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.