lakbima.lk

ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරන දීපාවලී උත්සවය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. 

සංස්කෘතිකාංග රැසකින් ද මෙම අවස්ථාව වර්ණවත් වූ අතර  ජනාධිපතිතුමා සියලූ හින්දු බැතිමතුන් වෙත සිය සුභාශිංසන පිළිගැන්වීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, අංගජන් රාමනාදන් යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු රැසක් සහ හින්දු බැතිමතුන් විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.

ඡායාරූප : සඳරුවන් අමරසිංහ

ප්‍රංශයේ  ජාත්‍යන්තර  බෞද්ධ මධ්‍යස්ථානයේ  වාර්ෂික  කඨින පූජෝත්සවය අති උත්කර්ෂවත්  අන්දමින් පැවැත්විණි.විහාරාධිපති  හා ප්‍රංශයේ  ප්‍රධාන  සංඝනායක පරවාහැර  චන්දරතන නාහිමියන්ටග් අනුශාසනා පරිදි පැවැති මෙම පින්කමට ශ්‍රී  ලාංකික,ප්‍රංශ ,කාම්බෝජ,වියට්නාම් ආදි විවිධ ජාතිකයන් රැසක් සහභාගිවුහ.

 


එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කළ රට රකින ජන මහිමය මහජන රැලිය හා උද්ඝෝෂණය රැලිය  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 5දා පාර්ලිමේන්තු වට රවුමේදී පැවැති අයුරු.

ඡායාරූප : සුදත් සිල්වා
 


ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ලෙසට සියලු කණ්ඩායම්වලට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ ජන රැලියක් ඊයේ (1) නුගේගොඩදී පැවැත්විණි. බහුජන සංවිධාන, සිවිල් සංවිධාන හා සමාජයට බලපෑමක් එල්ල කළ හැකි පුද්ගලයන්ගේ රැසකගේ සහභාගිත්වයෙන් මෙම රැලිය පැවැති අතර ඒ සඳහා පැමිණි ජනතාවගෙන් කොටස් ඡායාරූපයෙන් දැක්වේ.

Mrs. Alaina Teplitz - Ambassador - designate of the United State of America

ශ්‍රී ලංකාවට පත්ව ආ නව තානාපතිවරු සිවුදෙනෙක් අද (01) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ. 

ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ප්‍රංශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් සදහා මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටී.

විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Mr. Akira Sugiyama - Ambassador - designate of Japan

Mr. Eric Lavertu - Ambassador - designate of the Republic of France

Mr. Ashraf Haidari - Ambassador - designate of the Islamic Republic of Afghanistan

ඡායාරූප : සුදත් සිල්වා 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.