lakbima.lk

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ඊයේ(10) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.

එහිදී ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිතුමා පිළිගත් අතර, අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුථ පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය


ආප්ප දේශපාලනය නමැති න්‍යාය ලංකා දේශපාලන වාග් කෝෂයට ආවේ පසුගිය ජනපතිවරණයේදීය. ඒ මහින්ද - මෛත්‍රී වෙන් වීමට පෙර දිනයේ අරලියගහ මැදුරේදී ආප්ප කෑ කතාවත් සමගය. මහින්ද-මෛත්‍රී දැන් එක් වුණිද අරලියගහ මැදුරේ ආප්ප දේශපාලනය තවමත් එහෙමය. ඡායාරූපයේ දැක්වෙන්නේ අරලියගහ මැදුරෙන් නොයෙන රනිල් වෙනුවෙන් එකතු වන පාක්ෂිකයන් වෙනුවෙන් ආප්ප පුච්චන අයුරුය.

ආණ්ඩුවට විරෝධය පළ කරමින් විශාල රථ පෙළපාළිය ඊයේ මධ්‍යහ්නයේදී පැවැත්විණි. එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා හිටපු අමාත්‍යවරුන් විසින් සංවිධානය කළ මෙම රථ පෙළපාළිය කොළඹ ගාලු මුවදොර පිටියෙන් දහවල් 1.30 ට ආරම්භ  විය.
මෙම රථ පෙළපාළිය පිළිගැනීම සහ ඊට ආචාරය දැක්වීමට ගාලු මුවදොර පිටිය ඉදිරිපිට අරලියගහ මන්දිරයේ පිවිසුම් දොරටුව වෙතට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ද එක්වී සිටිනු දක්නට ලැබිණි.
ගාලු මුවදොර පිටිය පසුකර අරලියගහ මන්දිරයේ පිවිසුම් දොරටුව ළඟින් ගමන් ගත් රථ පෙළපාළිකරුවන්ට රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් ආචාරය පුද කළේය.

හොර ආණ්ඩුව පන්නමු, පාර්ලිමේන්තුව වහා කැඳවනු, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු යනුවෙන් සටන් පාඨ කියමින් විරෝධතාකරුවන් රථවාහන මතින් නිදහස් චතුරශ්‍රය වෙත ගමන් ගත්තේය.
ඒ අතරතුර පාර්ලිමේන්තුව කැඳවීමට කථානායකවරයාට ඉල්ලීමක් කෙරෙන අත්සන් පෙත්සමක්ද විරෝධතාකරුවන් විසින් සකස් කරනු දක්නට ලැබිණි.
මෙම පෙත්සම කථානායකවරයාට භාරදීමට සැලසුම් කර තිබුණද රථවාහන පෙළපාළියෙන් ඇතිවූ දැඩි වාහන තදබදය නිසා එය භාරදීමට නොහැකි වූ බව කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

රුක්මාල් සිල්වා

ඡායාරූප: මලිත් ගමගේ

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඊයේ (07දා) පෙරවරුවේ තුන් වතාවක් සිදුවූ හදිසි විදුලිය විසන්ධිවීම නිසා එහි ආගමන විගමන පර්යන්තයේ කටයුතු වලට විශාල බාධාවක් ඇති වූ බව ගුවන් තොටුපළ ප්‍රකාශකයෙක් “ලක්බිම”ට පැවසීය.

ඊයේ (07දා) පෙරවරු 7.00ට පමණ එහි  විදුලිබිඳ වැටීම සිදුව ඇති අතර යළි විටින් විට අවස්ථා තුනකදී එහි විදුලිය විසන්ධි වීමෙන් ආගමන විගමන කටයුතු ඊයේ දහවල් 12.00 පමණ වන තුරු ඇන හිට තිබූ බවද එම ප්‍රකාශකයා පැවසීය.

ආරියපාල වීදාගම

පවතින අධික වැසි හේතුවෙන් රන්දෙණිගල ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ (06) විවෘත විය.

මේ වන විට කදුකරයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් වික්ටෝරිය, රන්දෙණියල හා රන්ටැඹේ යන ජලාශ කඩින් කඩ වාන් දමමින් පවතී.

රන්දෙණිගල ජලාශයෙන් වාන් දමන අයුරු.

ඡායාරූප හා වීඩියෝ - නදීක දයා බණ්ඩාර - මහනුවර

මේ දිනවල පවතින වර්ෂාවත් සමග කණ්ඩලම වැව වාන් දැමීමට පටන් ගෙන් ඇති අතර දඹුලු ඔය හා කලාවැවේ වාන් දොරටු දෙක බැගින් විවෘත කිරීමට පියවර ගෙන් ඇති බව තාක්ෂණික ඉංජිනේරු එම්.එච්.එන්.ආර්. බණ්ඩාර මහතා කියා සිටියි.

කණ්ඩලම වැවේ අඟල් 10 ක් පමණ ජලය වාන් දමන බවත්, එහි තත්පරයට ඝන අඩි 600 ක් ජල ධාරිතාවයක් කලාවැවට මුදාහරින බවත්, දඹුලු ඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත තත්පරයට ඝන අඩි 3000 ක ජල ධාරිතාවයක් කලාවැවට මුදාහරින බවත් කියා සිටියේය.

කලාවැවේ වාන් දොරටු දෙකක් අඩි 05 ක් විවෘත කර තත්පරයට ඝන අඩි 4000 ක ජාල ධාරිතාවයක් මුදාහරින බවද ඒ මහතා කියා සිටියේය.

අශෝක එරමිනිගම්මන - දඹුල්ල

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.