lakbima.lk

නව ර‍ජයේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස නවීන් දිසානයක මහතා බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශයේදී ඊයේ වැඩ භාර ගත්තේය.

රුසියානු නාවික හමුදාවට අයත් වර්යාග්, අද්මිරාල් පැන්ට්ලීවි සහ බෝරිස් බටෝමා යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (20) කොළඹ වරායට සේන්දු විය. එහිදී, නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්  එම නෞකාවන් පිළිගන්නා ලදී.

වර්යාග් නෞකාව දිගින් මීටර් 187 කින් යුක්ත වන අතර, නිලධාරින් සහ නාවිකයින් 529 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවක් එහි රාජකාරී කරනු ලබයි. අද්මිරාල් පැන්ට්ලීවි නෞකාව දිගින් මීටර් 162.8 කින් සහ නිලධාරින් සහ නාවිකයින් 388 දෙනෙකුගෙන් එහි නැව් මුළුව සමන්විත වේ. තවද, බෝරිස් බටෝමා නෞකාවේ නිලධාරින් සහ නාවිකයින් 75 දෙනෙකුගෙන් යුක්ත වන අතර, එහි දිග මිටර් 161.1 කි.

නෞකාවන් දිවයිනට සේන්දු වීමෙන් අනතුරුව බලඝණ ආඥාපති, රියර් අද්මිරාල් එඩ්වඩ් මිහායිලෝව් මහතා එහි අණදෙන නිලධාරීන් වන කපිතාන් යුරේවිච් උල්යැන්කෝ මහතා, කපිතාන් විටැලිවිච් ඇන්ට්සිෆීරෝ මහතා සහ කපිතාන් ඇලෙක්සැන්ඩෝවිච් බොන්ඩා යන  මහත්වරුන් බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය. එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නිලධාරින් පිරිසක් ද සහභාගී විය. අනතුරුව බටහිර නාවික විධානය භාර ආඥාපතිතුමා අදාල නෞකාවන්හි නිරික්‍ෂණ චාරිකාවාරයක ද නිරත වන ලදී.

සිව් දින නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාවන් එළබෙන දෙසැම්බර් 24 වන දින දිවයිනෙන් පිටත් වීමට නියමිතව ඇති අතර, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීම මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයක් සඳහා එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතව ඇත.

පාද හයක් සහිත වසු පැටවකු පිළිබදව අසාමාන්‍ය තොරතුරක් නොච්චියාගම දුනුදැඹුවැව ප්‍රදේශයෙන් වාර්තා විය. නොච්චියාගම දුනුදැඹුවැව ප්‍රදේශයේ පදිංචි සේපාල කොස්තා මහතාට අයත් කිරි එළදෙනක පසුගිය දාහත්වන දින මෙම අසාමාන්‍ය වසු පැටවා බිහි කර ඇත. සාමාන්‍ය පරිදි ගවයකුගේ පාද පිහිටන අයුරින් පාද සතරක් මෙම වසු පැටවාට ද පිහිටා ඇත. ඊට අමතරව පසුපස පාද දෙක අසලින් ප්‍රථිවිරුද්ධ දෙසට පාද දෙකක් පිහිටා ඇත. මෙම වසු පැටවාට ගුද මාර්ගයක් පිහිටා නොතිබිම ද තවත් විශේෂත්වයකි.

මෙම වසුපැටවා සම්බන්ධව නොච්චියාගම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත දැනුම් දුන් බවත් වසු පැටවා පරීක්ෂා කල පශු වෛද්‍ය නිළධාරින් මෙම වසු පැටවා ශල්‍ය කර්මයකට භාජනය කල යුතු බවට දැනුම් දුන් බවත් සේපාල කොස්තා මහතා පැවසීය. ඒ සඳහා මෙම පැටවා පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙත රැගෙන යාමට උපදෙස් ලබා දුන් බවත් නොච්චියාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලින් දිසානායක මහතාගේ අන්‍රග්‍රහය මත ඊයේ (19) දින මෙම පැටවා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය ඒකකය වෙත රැගෙන ගිය බවද හෙතෙම පැවසිය.

කුමාර ගල්ගමුව - නොච්චියාගම

මාතර තලල්ල මුහුදු තීරයට අඩි 30ක පමණ දැවැන්ත තල්මසෙකු අද (19) උදෑසන ගොඩ ගසා තිබේ. මිරිස්ස වන ජීවි ස්ථානභාර නිළධාරී රවීන්ද්‍ර කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ දෙවිනුවර ප්‍රාදේශීය සභාව මගින් එම දැවැන්තයාගේ සිරුර වළ දැමීමට කටයුතු කළේය.

මේ ආකාරයෙන් දකුණු මහුදු තීරයේ විශාල වශයෙන් තල්මසුන් මිය යෑමට හේතුව වී ඇත්තේ ප්‍රධාන නැව් මාර්ගය පිහිටි ප්‍රදේශයේ වැඩි වශයෙන් තල්මසුන් ගැවසෙන් බැවිනි.

ඒ.කේ.කැළුම් -  කඹුරුපිටිය

චීනය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ පටන් පවතින ශක්තිමත් මිතුදම තවදුරටත් තහවුරු කරමින් චීන ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරුණු ජල බවුසර් 90 ක් නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතා වෙත භාරදීම අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

පසුගිය කාලය පුරා පැවති කාලගුණික බලපෑම් හේතුවෙන් රජය ආරම්භ කළ සහන වැඩපිළිවෙළට සහය දැක්වීමක් වශයෙන් රුපියල් බිලියනයකට අධික  වටිනාකමකින් යුත් මෙම ජල බවුසර් ප්‍රදානය සිදු කිරීමට පියවර ගෙන තිබිණි.  සංකේතාත්මකව ජල බවුසර් 02 ක් මෙහිදී නිල වශයෙන් භාරදීම සිදු කෙරුණු අතර, ප්‍රදානයට අදාළ යතුරු සහ ලිපි ලෙඛන ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙං ෂූ ඈන් මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගන්වන ලදී.

ජනාධිපතිතුමා එම ලිපි ලේඛන ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාර දෙනු ලැබීය.  අනතුරුව ජනාධිපතිතුමා ජල බවුසර් නිරික්ෂණය කිරීමට ද එක් විය.  ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ චීන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

"යුක්තියේ ජයග්‍රහණය"  නමින් අද(17) කොළඹ ගාලුමුවදොර පිටියේ එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ  ජනරැලිය

 

 

 

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.