lakbima.lk


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක සහ කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය පූජ්‍ය ගලබොඩ ඤණිස්සර නායක හිමිපාණන් වහන්සේට සෙත් පතමින් ඊයේ (01) පස්වරුවේ ගංගාරාම විහාරස්ථානයේ පැවති ආශිර්වාද පූජාව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් වුණා.


 

ලෝකවාසී ජනතාව 2019 නව වසර සැමරූ අයුරු

චිලී

නිව්යෝර්ක්

ඕස්ට්‍රේලියාව

ජර්මනිය

බ්‍රසීලය

ජපානය

දියුණුව හා සමෘද්ධිය කරා රටක් ගමන් කිරීමට නම් ඒ රටේ ජීවත් වන සියළු ජනතාව සහෝදරත්වයෙන් බැඳී සිටීම ඉතාමත්ම වැදගත් යැයි අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් නව අවුරුදු පණිවුඩය නිකුත් කරමින් කියා සිටියි.

ගෙවී ගිය වසරේ අඩුපාඩු සහ දුර්වලතා මඟ හරවා ගනිමින් නව වසර සියලු දෙනා සහෝදරත්වයෙන් බැඳී දියුණුව පිණිස වැඩ කටයුතු කළ යුතු යැයි අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ සිය අවුරුදු පණිවුඩය නිකුත් කරමින් සඳහන් කළහ.

ඉකුත් වසර තුළදී නොයෙකුත් කරදර, හිරිහැර, භේදභින්න සිදුවුණු බව ඕනෑම කෙනෙක් දන්නා බවත් පාට, පක්ෂ භේදයකින් තොරව රට ගොඩනැඟීමට සඳහා සියලු පාර්ශව එක් විය යුතු යැයි ද ඒ වෙනුවෙන් සියලු දෙනා කැපවීම හා සිය අපේක්ෂාව යෙදවිය යුතු යැයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියි.

නදීක දයා බණ්ඩාර - මහනුවර


ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා පත් කෙරේ.



ඒ මහතා අද (31) උදෑසන ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.


රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා වයිස් අද්මිරාල් ධුරයට උසස් කිරීමෙන් අනතුරුව නව තනතුරට පත් කර තිඛෙන අතර, ඔහු 2019 ජනවාරි පළමු වැනිදා සිට නව නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

මේ අතර නාවික හමුදාපති ධුරයෙන් හෙට විශ්‍රාම ලබන  වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත ද ජනාධිපතිතුමා මේ අවස්ථාවේ දී සුබපැතුම් පිරිනැමුවේය.

සිරිමෙවන් රණසිංහ මහතා නාවික හමුදාපති ධුරයෙන් විශ්‍රාම ලබන්නේ අද්මිරාල් ධුරයට උසස්වීමක් ද සමගය.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප : සුදත් සිල්වා


ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (31) උදෑසන මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිදුන් වැද පුදාගෙන උදාවන නව වසරට ආශිර්වාද ලබා ගත්තේ ය.


දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.



ඡායාරූප : කපිල ආරියවංශ

නත්තල් උත්සවය සැමරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කළ විශේෂ උළෙලක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.
 
නත්තල් කැරොල් ගීත ඇතුඑ විචිත්‍රාංග රැසකින් මෙම උළෙල වර්ණවත් විය.
 
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදුකරමින් පෙන්වා දුන්නේ, සැබෑ නත්තල යනු සැරසිලි හෝ කා බී සතුටුවීම නොව දිළිදු ජනයාගේ වේදනාව හදුනාගනිමින් ඔවුන්ගේ කුසගිනි නිවීමට ඒකරාශී වීම බවයි.
 

රටේ ජනතාව දිළිදුකමින් මුදවාගෙන ඔවුන්ට වඩා යහපත් ජීවන තත්ත්වයක් උදාකරදීමට සියලූ පාලකයින් කැපවීමෙන් කටයුතු කිරීමේ ඇති වැදගත්කම ද මෙහිදී උන්වහන්සේ අවධාරණය කළේය.
 
මෙම නත්තල් උළෙල ට අපොස්තලික තානාපති අතිඋතුම් පියරේ නුයෙන් වෑන් ටොට් රදගුරු හිමිපාණන් වහන්සේ ඇතුඑ රදගුරු හිමිපාණන් වහන්සේලා, පූජක පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන්, කතානායක කරූ ජයසූරිය, අමාත්‍ය ජෝන් අමරතුංග, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ආර්. සම්බන්ධන් යන මහත්වරු ඇතුඑ මැති ඇමතිවරු, කලාකරුවන් ද ඇතුඑ විශාල පිරිසක් එක්ව සිටියහ.
 

 
 
ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.