lakbima.lk

නව කෘෂි සංස්කෘතියක් බිහි කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය සංවිධාන කරන  "Harvest 2018" නවීන කෘෂිකාර්මික ප්‍රදර්ශනය අද (11) පෙරවරුවේ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරිණි. 

අද සිට 16 වනදා දක්වා පෙ.ව 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මෙම ප්‍රදර්ශනය මහජනතාව සඳහා නොමිලේ පැවැත්වෙන අතර ප්‍රදර්ශන කුටි, ආහාර අලෙවිසැල්, පලතුරු හා එළවළු අලෙවිසැල් ආදි අංශ ගණනාවකින් මෙය සමන්විත වේ. 

දේශීය මෙන්ම විදේශීය කෘෂිකාර්මික අංශ නියෝජනය කරමින් ආයතන රැසක් මෙම ප්‍රදර්ශනයට එක්ව සිටින අතර, කෘෂිකර්මාන්තයේ සංවර්ධනය උදෙසා භාවිත කෙරෙන නවීන කෘෂිකාර්මික තාක්ෂණ ක්‍රම ශ්‍රී ලංකා ගොවි ජනතාවට හදුන්වා දීමත්, අප රටේ නිපදවන එළවළු පලතුරු වැනි බෝග සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලූමක් ඇති කිරීමත් මෙම ප්‍රදර්ශනයේ අරමුණයි. 

ජනාධිපතිතුමා ප්‍රදර්ශනය නැරඹීමට ද එක් වූ අතර කාර්ය මණ්ඩල සමග සුහද කතා බහක නිරත විය.  

මහින්ද අමරවීර, දුමින්ද දිසානායක යන මහත්වරුන් ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා ඇතුළු නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය

කෘෂි නිෂ්පාදන වර්ධනය කරමින් රටේ යහපත් ආර්ථීකයක් ගොඩනැගීමට මෙන්ම ගොවියාට සාධාරණ මිලක් ලබාදෙමින් ඔවුන් ණය බරින් නිදහස් කර ගැනීමට ගෙන යන ජාතික සංවර්ධන සැලසුම් අතර ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ගොවි ජනතාවගේ ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථාන දිවයින පුරා ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළක්  ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් ක්‍රියාවට නංවා තිබේ. 

ඒ යටතේ ඉදිකෙරුණු පොළොන්නරුව මැදිරිගිරිය ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය ඊයේ (09) පෙරවරුවේ ජනතා අයිතියට පැවරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිනි. 

ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවකට ද එක් විය.

පසුගිය කන්නගේ වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරුණු අතර ගොවීන් 3634 දෙනෙකු වෙනුවෙන් රුපියල් කෝටි හත හමාරකට ආසන්න මුදලක් වන්දි වශයෙන් ප්‍රදානය කෙරිණි. 

එය සංකේවත් කරමින් ගොවීන් 20 දෙනෙකු වෙත වන්දි ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය. 

එමෙන්ම ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය වෙත වී භාරදුන් ගොවින් තිදෙනෙකු වෙත ගුදම් කුවිතාන්සි පිළිගැන්වීම සිදුවූයේ ද ජනාධිපතිවරයා අතිනි. 

ප්‍රදේශයේ මහා සංඝරත්නය ද, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන යන මහත්වරුන් ඇතුථ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය

මෙරට ගොවි ජනතාව වෙනුවෙන් රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමා තැබූ තවත් අපේක්ෂාවක් ඉටු කරමින් ප්‍රතිසංස්කරණය කෙරුණු ඉරණමඩු ජලාශය අද (07) පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.

 රටේ ගොවි ජනතාවගේ ජල ගැටලූව විසදීම තම සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ ස්ථානයට පත්කරගත් ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ  පූර්ණ මගපෙන්වීමෙන් මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් සමග ආරම්භ කෙරුණු මෙරට වාරි කි්‍රයාන්විතයේ දෙවන පියවර ලෙස උතුරේ විශාලතම ජලාශය වන කිලිනොච්චි ඉරණමඩු ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2015 වසරේදී ආරම්භ කෙරිණි. 

ජලාශය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ප්‍රථම වතාවට වාන් දැමීමේ සුබ අවස්ථාව අද උදෑසන උදා වූ අතර අද පෙරවරුවේ ජලාශ පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා ජලාශයේ වාන් දොරටු විවෘත කරනු ලැබීය.

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, සරත් අමුණුගම, අංගජන් රාමනාදන්, යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවන්, රාජ්‍ය නිලධාරින්, හමුදා ප්‍රධානින් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

ඡායාරූප : ජනාධිපති මාධ්‍ය අංශය

රාජකිය   පණ්ඩිත ශාස්ත්‍රපති  මුලනේ ගුණානන්ද  හිමියන්ගේ සංකල්පයක් මත ආරම්භ කළ මෙත්තා පදනම මගින් වාර්ෂිකව සමාජ සත්කාර රැසක් ක්‍රියාත්මක කරන අතර මේ වර්ෂයේදි ශිෂ්‍යත්ව  විභාගයෙන් ඉහළින් ලකුණු ලබාගත් හම්බන්තොට  දිස්ත්‍රික්කයේ  සිසුන් කීප දෙනෙකුට ශිෂ්‍යාධාර හා පාසල් උපකරණ පසුගියදා පරිත්‍යාග කෙරිණි.

   හෝකන්දර  බෞද්ධ  සංස්කෘතික මධ්‍යස්ථානයේ දි පැවැති මෙම උත්සවයේ මුලසුන කොළඹ මාලිගාකන්දේ  විද්‍යෝදය පරිවේනාධිපති  බස්නාහිර  ගාලු දෙපළාතේ ප්‍රධාන  සංඝනායක රාජකිය  පණ්ඩිත බලංගොඩ සෝභිත නාහිමියන් හෙබවුහ. දිමියාවේ අමරවංශ අමරපුර  අනුනාහිමි, මුරුංගාගස්යායේ  ඤාණිස්සර ප්‍රංශයේ අධිකරණ නාහිමි, මහාචාර්ය වාව්වේ ධම්මරක්ඛිත හිමි, කිරින්දේ පේමසිරි හිමි ,ලේල්වල අරියධම්ම හිමි,  පොළොම්මාරුවේ හේමාලෝක හිමි,උඩුගම සුදස්සි හිමි,ඇත්ගාලමුල්ල  අස්වත්ථාරාමාධිපති මැදගම චන්දවිමල හිමි,බැදිගම සුදස්සනානන්ද  විහාරාධිපති ,කම්බුස්සාවල ගුණරතන හිමි, ඉහළ බෙලිගල්ල සුදර්ශනාරාමාධිපති කුඩාගොඩ ධම්මරතන  හිමි,කඩුගන්නාවේ ධර්මදුත.විහාරාධිපති රන්නේ ඉන්දසාර හිමි, විතාරන්දෙණියේ විමලරතන  හිමි,ගජනායකගම සෝමරතන හිමි, හකුරුවෙල චන්ද්‍රලෝක හිමිබැදිගම මනිරතන හිමි,  මහා සංඝරත්නය හා විශාල පිරිසක් මෙම අවස්ථාවට  සහභාගිවුහ.

2018 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරය නිමිත්තෙන් නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පසුගිය දෙසැම්බර් 02 සහ 03 යන දෙදින තුළ පැවැත්විණි. මෙම අවස්ථාවට නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මිය ද සහභාගී වූවාය.  

නාවික හමුදාව විසින් අඛණ්ඩව හත්වන වරටත් සංවිධානය කළ මෙම ආගමික උත්සවයේදී ජාතික ධජය, බෞද්ධ ධජය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධාන, ආයතන සහ නෞකා වලට අයත් ධජයන් 77 කට සෙත් පැතීම එහිදී සිදු කෙරිණි. ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ හා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගනිමින් පැවති මෙම උත්සවය, අනුරාධපුර අට‍මස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝණායක, ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාසාභිධාන නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

මෙම අවස්ථාවට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, උතුරු මැද නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා ඇතුළු නාවික විධානයන් භාර ආඥාපතිවරුන් සහ නාවික හමුදා ‍අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් සහභාගී වී සිටියහ. තවද, නාවික හමුදා මූලස්ථානයට හා උතුරු මැද නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවිකයින් මෙන්ම බැතිමතුන් විශාල පිරිසක් ද එම අවස්ථාවට එක් විය. ධජ ආශිර්වාද පූජාවට සමගාමීව නාවික හමුදා බෞද්ධ සංගමය මගින් සංවිධානය කරන ලද කප්රුක් පූජා පිංකමක්ද අනුරාධපුර, රුවන්වැලි මහා සෑ රදුන් අභියසදී පැවැත්විණි.

මේ දිනවල ජනතාව අතරේ ආන්දෝලනාත්මක කතාබහට ලක්වන පුද්ගලයන් හතර දෙනෙකි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු අගමැති වරුන් වන රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ සහ කතානායක කරු ජයසූරියයි.

ඔවුන් අතරින් මහින්ද රාජපක්ෂ සහ කරු ජයසූරිය යන මහත්වරුන් මෙලෙස අහඹු ලෙස හමුවී කෙටි කතාබහක යෙදුනේ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ගේ පියා වූ ඩී.එම්.පී.බී. දසනායක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බොරැල්ල ජයරත්න අවමංගල්‍යාගාරයට පැමිණි අවස්ථාවේය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.