lakbima.lk

කොළඹ වරායේ සිට ගිනිගත්හේන පොල්පිටිය බොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යපෘතිය සදහා ටොන් 25 යකඩ සහ උපකරණ ප්‍රවාහනය කරමින් තිබු කන්ටේනර් රථයක් ගිනිගත්හේන කළුගල ලක්ෂපාන ප්‍රධාන මාර්ගයේ දි ප්‍රධාන මාර්ගය හරහා අවහිර විමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය 4 පමණ කාලයක් සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.

අද (28)  උදැසන 7 ට පමණ කන්ටෙයිනර් රථය ගිනිගත්හේන කළුගල ප්‍රදේශයෙන් ලක්ෂපාන මාර්ගයට පිවිස කන්ටෙයිනර් රථය ධාවනය කරවන අවස්ථාවේ වංගුවක් ගැනිමේදි කන්ටේනර් රථය මාර්ගය හරහා අවහිර වි ඇත.

කන්ටේනර් රථය එම මාර්ගය හරහා අවහිර විමෙන් ලක්ෂපාන, පොල්පිටිය, මිනුවන්දෙණිය,  හගරාපිටිය, ලක්ෂපාන හරහා නොටන්බ්‍රිජ් සහ මස්කෙලිය ප්‍රදේශවලට පිවිසෙන මාර්ගය සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.

බොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යපෘතියේ ලොඩර් යන්ත්‍ර දෙකක්  උපකාරයෙන් මාර්ගය හරහා අවහිර වි තිබු කන්ටෙයිනර් රථය දැඩි පරිශ්‍රමයක් දරා ඉවත් කිරිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යළි යථා තත්ත්වයට පත් විය.

වංගු සහිත පටු මාර්ගයක් වු ගිනිගත්හේන කළුගල ලක්ෂපාන මාර්ගයේ මෙවැනි කන්ටෙයිනර් රථ ධාවනයට සුදුසු නොවන බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

හැටන් රංජිත් රාජපක්ෂ 

 
ලංකා ගමනා ගමන මණ්ඩලය සදහා නව බස් රථ ලබාදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  නාරහේන්පිට, ශාලිකා ක්‍රීඩාංගණයේදී සිදු කෙරිණි.
 

මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, ගමනා ගමන මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ යන මහත්වරු ඇතුලු දේශපාලනඥයින් හා නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානින් අතර හමුවක් අද (26) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. 

පුවත්පත් කර්තෘවරුන්, ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් විදෙස් මාධ්‍යවේදින් ඇතුළු පිරිසක් මීට එක්ව සිටි අතර රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ එහිදී ජනාධිපතිතුමා මාධ්‍යවේදින් දැනුවත් කළේය. 

(ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය)

 

අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පිළිරුවක් කෝට්ටේ කල්‍යානී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ (25) සවස විවෘත කෙරුණි.

සාධාරණ සමාජයක් සදහා වූ ව්‍යාපාරයේ මැදිහත්විම මත ඉදිකෙරුණ මෙම පිළිරුව විවෘත කිරීමේ අවස්ථාවට කෝට්ටේ කල්‍යානී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ඉත්තෑපාන ධම්මාලංකාර, අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහ නායක කොටුගොඩ ධම්මාවාස යන මහා නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, කනානායක කරු ජයසූරිය, අමාත්‍යවරුන් වන චම්පික රණවක, ගයන්න කරුණාතිලක, වජිර අබේවර්ධන, රාජිත සේනාරත්න යන මහත්වරුන් නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, සාධාරණ සමාජයක් සදහා වූ ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්යය සරත් විජේසූරිය, නීතීඥ රවී ජයවර්ධන, සර්වෝදය නායක අචාර්යය ඒ ටී ආරියරත්න යන මහත්වරුන් ඇතුළු ගිහි පැවදි විශාල පිරිසක් සහභාගී වූහ.

පිළිරුව විවෘත කිරීමේ උත්සව සභාව අමතා ඉත්තෑපාන ධම්මාලංකාර, කොටුගොඩ ධම්මාවාස මහා නාහිමිවරුන් සහ මහාචාර්යය සරත් විජේසූරිය, නීතීඥ රවී ජයවර්ධන යන මහත්වරුන් කෙටි දෙසුම් පැවැත්වූහ.

ජයකාන්ත ලියනගේ 



අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා පින්කම පසුගිය සෙනසුරාදා (22) සහ ඉරිදා (23) දෙදින අමරපුර සිරි සද්ධම්මවංස මහ නිකායේ මහනායක අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් බළපිටිය වැලිතර මහා කප්පින වලව්ව සීමාමාලක මූලස්ථාන විහාරස්ථානයේ දී පැවැත්විණ.


මෙහිදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සාමනේර භික්ෂූන් වහන්සේලා 32 නමක් අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබා ගත්හ.

 


උපසම්පදාලාභී භික්ෂූන් වහන්සේලා, මහනායක අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මාහිමියන් සමග මහා කප්පින වලව්ව සීමාමාලක මූලස්ථාන විහාරස්ථානය ඉදිරිපිටදී සමූහ ඡායාරූපකට පෙනී සිටි අයුරු ඉහත ඡායාරූපයේ දැක්වේ.


අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ ලේඛකාධිකාරී බළපිටියේ සිරි සීවලී හිමියන් ඇතුළු නිකායේ අනු නායක ස්වාමින් වහන්සේලාද ඡායාරූපයේ සිටී.

ජයකාන්ත ලියනගේ  -  බළපිටිය  

රට පුරා බොහෝ ප්‍රධාන මාර්ග පද්ධති වල මගීන්ගේ ආරක්ෂාව සඳහා මාර්ග සංඥා පද්ධති සකස් කර තිබේ. එසේ වුවද දෛනිකව මාර්ග රිය අනතුරු හේතුවෙන් සැලකිය යුතු පිරිසක් ජීවිතක්ෂයට පත්වෙයි.

එලෙස ජීවිතක්ෂයට පත්වන පිරිස අතර "සුදු" ඉරි මතින් මාර්ගය හරහා ගමන් කරන පුද්ගලයන්ද සිටියි. එලෙස "සුදු" ඉර මතදී සිදුවන අනතුරු වලදී බොහෝ විට වැරදිකරුවන්නේ රථයේ රිය දුරුයි.

නමුත් (23) ඊයේ දහවල් ඉතා ජනාකීර්ණ සහ නිමේශයකදි රථවාහන රැසක් "සුදු" ඉර මතින් ගමන් කරන ගාල්ල මධ්‍ය ප්‍රධාන බස්රථ නැවතුම් පොළ ඉදිරිපිට ඇති "සුදු" ඉර මතින් මාර්ග නීති කඩකරමින් ගමන් කරන මගීන්ගේ දර්ශනයක් මෙම ඡයාරූපයේ දැක්වෙයි.

හබරාදුව - අනුර ලියනගේ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.