lakbima.lk

මාතර තලල්ල මුහුදු තීරයට අඩි 30ක පමණ දැවැන්ත තල්මසෙකු අද (19) උදෑසන ගොඩ ගසා තිබේ. මිරිස්ස වන ජීවි ස්ථානභාර නිළධාරී රවීන්ද්‍ර කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ දෙවිනුවර ප්‍රාදේශීය සභාව මගින් එම දැවැන්තයාගේ සිරුර වළ දැමීමට කටයුතු කළේය.

මේ ආකාරයෙන් දකුණු මහුදු තීරයේ විශාල වශයෙන් තල්මසුන් මිය යෑමට හේතුව වී ඇත්තේ ප්‍රධාන නැව් මාර්ගය පිහිටි ප්‍රදේශයේ වැඩි වශයෙන් තල්මසුන් ගැවසෙන් බැවිනි.

ඒ.කේ.කැළුම් -  කඹුරුපිටිය

චීනය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ පටන් පවතින ශක්තිමත් මිතුදම තවදුරටත් තහවුරු කරමින් චීන ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරුණු ජල බවුසර් 90 ක් නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතා වෙත භාරදීම අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

පසුගිය කාලය පුරා පැවති කාලගුණික බලපෑම් හේතුවෙන් රජය ආරම්භ කළ සහන වැඩපිළිවෙළට සහය දැක්වීමක් වශයෙන් රුපියල් බිලියනයකට අධික  වටිනාකමකින් යුත් මෙම ජල බවුසර් ප්‍රදානය සිදු කිරීමට පියවර ගෙන තිබිණි.  සංකේතාත්මකව ජල බවුසර් 02 ක් මෙහිදී නිල වශයෙන් භාරදීම සිදු කෙරුණු අතර, ප්‍රදානයට අදාළ යතුරු සහ ලිපි ලෙඛන ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙං ෂූ ඈන් මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගන්වන ලදී.

ජනාධිපතිතුමා එම ලිපි ලේඛන ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාර දෙනු ලැබීය.  අනතුරුව ජනාධිපතිතුමා ජල බවුසර් නිරික්ෂණය කිරීමට ද එක් විය.  ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ චීන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )

"යුක්තියේ ජයග්‍රහණය"  නමින් අද(17) කොළඹ ගාලුමුවදොර පිටියේ එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ  ජනරැලිය

 

 

 

 

 

නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතා ඉදිරියේ දිවුරුම් දුන් අයුරු

ඡායාරූප : සුදත් සිල්වා

මේ රටම දේශපාලන අර්බුදයක ගිලී සිටින සමයයි. නත්තල උදාවන්නේ එවන් පසුබිමකය. රට අර්බුදයට හෙලූ සියලූම දේශපාලනඥයන් නම් කියන්නේ දැන් ජනතාව අත මුදල් නැති බවයි. එ්ත් වෙන හැම නත්තලකදී මෙන්ම  සුපුරුදු සිනාවෙන් යුතුව ගෝල්ෆේස් වටරවුමේ යෝධයකු සේ නැගී සිටින මේ නත්තල් සීයාගේ මුහුණෙන් නම් කියැවෙන්නේ නත්තලට නම් කිසිම අවුලක් නැති බවයි.

ඡායාරූපය - මංජුල පෙරේරා

දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් විසින් දින නවයක පමණ කාලයක් සිදු කළ වැඩ වර්ජනය නතර කර වතු කම්කරුවන් අද(14) දින සේවයට වාර්ථා කර ඇත.

තම ඉල්ලිම් පරිදි වැටුප් වැඩි කිරිමක් සිදු නොවුන බවත් ඒ පිළිබඳව තිරණයක්ද නොමැතිව තමන්ට නැවත සේවයට වාර්ථා කරන ලෙස මෙම වැඩ වර්ජනය මෙහෙයවු වෘත්තිය සමිති කටයුතු කිරිම තමන් හෙලා දකින බවද එම වතු කම්කරුවන් පවසති.

තව දුරටත් මෙම සමහර වෘත්තිය සමති තමන් රැවටිමට ලක් කිරිමට පියවර ගන්නා බවත් මේ අයට ඉදිරි මැතිවරණවලදි නිසි පාඩම් ඉගැන්විමට පියවර ගත යුතු බවද ඔවුන් වැඩි දුරටත් පවසන ලදි.  මෙවැනි රැවටිම් හේතුවෙන් තමන්ට වෘත්තිය සමිති එපා විමකට ලක්ව ඇති බවත් විටින් විට තමන් රැවටිම් වලට ලක්කරන මෙම සමහර වෘත්තිය සමිති වතුකරය තුළ තිබිම තම කරුමයක් බවද ඔවුන් තව දුරටත් පවසන ලදි.

වතු කම්කරු කාන්තාවන් පිරිසක් කොටගල තේ වතුයායක අද දින සේවයේ යෙදි සිටින අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ.

සුදත් සෙල්ලහේවා - හැටන් 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.