lakbima.lk


ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා පත් කෙරේ.



ඒ මහතා අද (31) උදෑසන ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.


රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා වයිස් අද්මිරාල් ධුරයට උසස් කිරීමෙන් අනතුරුව නව තනතුරට පත් කර තිඛෙන අතර, ඔහු 2019 ජනවාරි පළමු වැනිදා සිට නව නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

මේ අතර නාවික හමුදාපති ධුරයෙන් හෙට විශ්‍රාම ලබන  වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත ද ජනාධිපතිතුමා මේ අවස්ථාවේ දී සුබපැතුම් පිරිනැමුවේය.

සිරිමෙවන් රණසිංහ මහතා නාවික හමුදාපති ධුරයෙන් විශ්‍රාම ලබන්නේ අද්මිරාල් ධුරයට උසස්වීමක් ද සමගය.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප : සුදත් සිල්වා


ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (31) උදෑසන මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිදුන් වැද පුදාගෙන උදාවන නව වසරට ආශිර්වාද ලබා ගත්තේ ය.


දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.



ඡායාරූප : කපිල ආරියවංශ

නත්තල් උත්සවය සැමරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කළ විශේෂ උළෙලක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.
 
නත්තල් කැරොල් ගීත ඇතුඑ විචිත්‍රාංග රැසකින් මෙම උළෙල වර්ණවත් විය.
 
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදුකරමින් පෙන්වා දුන්නේ, සැබෑ නත්තල යනු සැරසිලි හෝ කා බී සතුටුවීම නොව දිළිදු ජනයාගේ වේදනාව හදුනාගනිමින් ඔවුන්ගේ කුසගිනි නිවීමට ඒකරාශී වීම බවයි.
 

රටේ ජනතාව දිළිදුකමින් මුදවාගෙන ඔවුන්ට වඩා යහපත් ජීවන තත්ත්වයක් උදාකරදීමට සියලූ පාලකයින් කැපවීමෙන් කටයුතු කිරීමේ ඇති වැදගත්කම ද මෙහිදී උන්වහන්සේ අවධාරණය කළේය.
 
මෙම නත්තල් උළෙල ට අපොස්තලික තානාපති අතිඋතුම් පියරේ නුයෙන් වෑන් ටොට් රදගුරු හිමිපාණන් වහන්සේ ඇතුඑ රදගුරු හිමිපාණන් වහන්සේලා, පූජක පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන්, කතානායක කරූ ජයසූරිය, අමාත්‍ය ජෝන් අමරතුංග, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ආර්. සම්බන්ධන් යන මහත්වරු ඇතුඑ මැති ඇමතිවරු, කලාකරුවන් ද ඇතුඑ විශාල පිරිසක් එක්ව සිටියහ.
 

 
 
ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය

නව ර‍ජයේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස නවීන් දිසානයක මහතා බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශයේදී ඊයේ වැඩ භාර ගත්තේය.

රුසියානු නාවික හමුදාවට අයත් වර්යාග්, අද්මිරාල් පැන්ට්ලීවි සහ බෝරිස් බටෝමා යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (20) කොළඹ වරායට සේන්දු විය. එහිදී, නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්  එම නෞකාවන් පිළිගන්නා ලදී.

වර්යාග් නෞකාව දිගින් මීටර් 187 කින් යුක්ත වන අතර, නිලධාරින් සහ නාවිකයින් 529 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවක් එහි රාජකාරී කරනු ලබයි. අද්මිරාල් පැන්ට්ලීවි නෞකාව දිගින් මීටර් 162.8 කින් සහ නිලධාරින් සහ නාවිකයින් 388 දෙනෙකුගෙන් එහි නැව් මුළුව සමන්විත වේ. තවද, බෝරිස් බටෝමා නෞකාවේ නිලධාරින් සහ නාවිකයින් 75 දෙනෙකුගෙන් යුක්ත වන අතර, එහි දිග මිටර් 161.1 කි.

නෞකාවන් දිවයිනට සේන්දු වීමෙන් අනතුරුව බලඝණ ආඥාපති, රියර් අද්මිරාල් එඩ්වඩ් මිහායිලෝව් මහතා එහි අණදෙන නිලධාරීන් වන කපිතාන් යුරේවිච් උල්යැන්කෝ මහතා, කපිතාන් විටැලිවිච් ඇන්ට්සිෆීරෝ මහතා සහ කපිතාන් ඇලෙක්සැන්ඩෝවිච් බොන්ඩා යන  මහත්වරුන් බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය. එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නිලධාරින් පිරිසක් ද සහභාගී විය. අනතුරුව බටහිර නාවික විධානය භාර ආඥාපතිතුමා අදාල නෞකාවන්හි නිරික්‍ෂණ චාරිකාවාරයක ද නිරත වන ලදී.

සිව් දින නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාවන් එළබෙන දෙසැම්බර් 24 වන දින දිවයිනෙන් පිටත් වීමට නියමිතව ඇති අතර, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීම මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයක් සඳහා එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතව ඇත.

පාද හයක් සහිත වසු පැටවකු පිළිබදව අසාමාන්‍ය තොරතුරක් නොච්චියාගම දුනුදැඹුවැව ප්‍රදේශයෙන් වාර්තා විය. නොච්චියාගම දුනුදැඹුවැව ප්‍රදේශයේ පදිංචි සේපාල කොස්තා මහතාට අයත් කිරි එළදෙනක පසුගිය දාහත්වන දින මෙම අසාමාන්‍ය වසු පැටවා බිහි කර ඇත. සාමාන්‍ය පරිදි ගවයකුගේ පාද පිහිටන අයුරින් පාද සතරක් මෙම වසු පැටවාට ද පිහිටා ඇත. ඊට අමතරව පසුපස පාද දෙක අසලින් ප්‍රථිවිරුද්ධ දෙසට පාද දෙකක් පිහිටා ඇත. මෙම වසු පැටවාට ගුද මාර්ගයක් පිහිටා නොතිබිම ද තවත් විශේෂත්වයකි.

මෙම වසුපැටවා සම්බන්ධව නොච්චියාගම පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත දැනුම් දුන් බවත් වසු පැටවා පරීක්ෂා කල පශු වෛද්‍ය නිළධාරින් මෙම වසු පැටවා ශල්‍ය කර්මයකට භාජනය කල යුතු බවට දැනුම් දුන් බවත් සේපාල කොස්තා මහතා පැවසීය. ඒ සඳහා මෙම පැටවා පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙත රැගෙන යාමට උපදෙස් ලබා දුන් බවත් නොච්චියාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලින් දිසානායක මහතාගේ අන්‍රග්‍රහය මත ඊයේ (19) දින මෙම පැටවා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය ඒකකය වෙත රැගෙන ගිය බවද හෙතෙම පැවසිය.

කුමාර ගල්ගමුව - නොච්චියාගම

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.