lakbima.lk

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (03) ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේදී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.  

මෙම අවස්ථාවට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ද සහභාගි විය.


වන සතුන් දඩයම් කිරීම සදහා නිති විරෝදී ලෙස බදින තුවක්කු භාවිතය මහ බුලංකුලම සමගිපුර ප්‍රදේශයේ  බහුලව සිදුකිරීම නිසා සතුන්ට මෙන් ම ප්‍රදේශයේ ජනතාවටද දැඩිලෙස හානි සිදුවෙමින් තිබෙන බව සමගිපුර ප්‍රදේශයේ ජනතාව කියා සිටි. මෙලෙස තුවක්කු බදිමින්  මුවන් ඌරන් ආදී වනසතුන් දඩයම් කිරීමට උත්සහ කලත් මේ සදහා වැඩිවශයෙන් ගොදුරුවන්නේ ප්‍රදේශයේ ගව සම්පත හා ජනතාව බව ප්‍රදේශවාසීන් කියා සිටි. මේ නිසා සවසත් උදෑසනකාලයේත් වැව් පිට්ටනියක ගවයින්ට තනකොල කෑමට ඉඩ නොමැති බව ඔවුන් කියා සිටි.
මෙසේ මස් වැද්දෙකු බදිනලද තුවක්කුවක් තණකොළ කමින් සිටි කිරි ගවයකුගේ මුහුණට පත්තුවීමෙන් ගවයාගෙ මුහුණ හා මුඛයට පරපතල තුවාල ලබා දින ගනනාවකින් ආහාර හා ජලය නොමැතිව දුක් විදිමින් සිටි.
මේ පිළිබඳව ගව හිමිකාරිනියක වන එම්. චන්ද්‍රානි මැණිකේ මහත්මිය ලක්බිමට මෙසේ පැවසීය .
සතුන් මස් සදහා මැරීමට ගමේ සමහර පිරිස් තුවක්කු කදන් බදිනව. හවස තුනෙන් හතරෙන් පස්සෙ  ගෙවල්වලින් එලියට බහින්න බැ. අපේ ඉඩම්වල වැටවල් අස්සෙත් එක්ක කදන් බදිනවා. හරකෙක් දක්කාගෙන  එන්න වැවකට යන්න බෑ . හරකෙකුට තණකොළ ටිකක් කපගන්න  ලදු කැලෑවකටවත් යන්න බෑ. සත්තු මරන්න කදන් බැඳලා. කැලේ සතුන්  විතරක් නෙමෙයි ගවයෝ බල්ලෝ වගෙම මිනිසුන්ටත් මෙවගෙන් අනතුරු සිදුවෙලා තියෙනවා. මෙ තත්ත්වය එන්න්න එන්නම වැඩියි. මීට පෙර මගෙ කිරි එලදෙනකට වෙඩි වැදිල. පැටියට කිරි නැතිව මැරුණා. එළදෙනට කන්න බොන්න බෑ. මෙ පිළිබද පසු වෛද්‍ය නිලධාරීන් ,වනජීවි නිළධාරීන් දැනුවත් කලා ඒ අය ගනන් ගන්නෑ. ප්‍රදේශයේ තුවක්කු බදින එක නවත්තලා දෙන්න කියලා පොලීසියට, ලග තියෙන STF කදවුරේ නිළධාරීන්ට කීවා. ඒ අය කියන්නේ කඳන් බදින්න අරගෙන යන කවුරු හරි දැක්කොත් කෝල් කරලා කියන්නලු . එහෙම වුනොත් නතර කරන්නම්ලු.  

චන්දන වන්නිනායක - ඇලයාපත්තුව
 



මුතුරාජවෙල රක්ෂිතය ආසන්නයේ  ප්‍රදේශයේ  හදිසි ගිනි ගැනීම්  තත්වයක්  ඇති වු අතර ඒ පිළිබද එම ප්‍රදේශයේ අපදා කළමණාකරණ ම්‍යස්ථානය මගින් ගුවන් හමුදාව දැනුවත් කරන ලදි
එයට ඉතා ඉක්මන් ප්‍රතිචාර දක්වමින් ගුවන් හමුදාධිපති තුමන්ගේ  උපදෙස් මත ගුවන් හමුදාව සතු MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක්  කටුනායක ගුවන් හමුදා කදවුරෙන් මෙම ගිනන් මැඩ පැවැත්විම සදහා යොදවන ලදි.
මෙම මෙහෙයුම සදහා ගුවන් හමුදා අංක 06 වන බලඝණයට අයත් MI-17 හෙලිකොප්ටරයක් යානයේ නියමුවන් ලෙස ස්කොඩිරන් ලිඩර් ප්‍රසන්න ගුණරත් හා ෆ්ලයිටි ලෙෆ්ටිනන් ඉන්දික බණ්ඩාර කටයුතු කරන ලදි.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක සහ කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය පූජ්‍ය ගලබොඩ ඤණිස්සර නායක හිමිපාණන් වහන්සේට සෙත් පතමින් ඊයේ (01) පස්වරුවේ ගංගාරාම විහාරස්ථානයේ පැවති ආශිර්වාද පූජාව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් වුණා.


 

ලෝකවාසී ජනතාව 2019 නව වසර සැමරූ අයුරු

චිලී

නිව්යෝර්ක්

ඕස්ට්‍රේලියාව

ජර්මනිය

බ්‍රසීලය

ජපානය

දියුණුව හා සමෘද්ධිය කරා රටක් ගමන් කිරීමට නම් ඒ රටේ ජීවත් වන සියළු ජනතාව සහෝදරත්වයෙන් බැඳී සිටීම ඉතාමත්ම වැදගත් යැයි අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් නව අවුරුදු පණිවුඩය නිකුත් කරමින් කියා සිටියි.

ගෙවී ගිය වසරේ අඩුපාඩු සහ දුර්වලතා මඟ හරවා ගනිමින් නව වසර සියලු දෙනා සහෝදරත්වයෙන් බැඳී දියුණුව පිණිස වැඩ කටයුතු කළ යුතු යැයි අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ සිය අවුරුදු පණිවුඩය නිකුත් කරමින් සඳහන් කළහ.

ඉකුත් වසර තුළදී නොයෙකුත් කරදර, හිරිහැර, භේදභින්න සිදුවුණු බව ඕනෑම කෙනෙක් දන්නා බවත් පාට, පක්ෂ භේදයකින් තොරව රට ගොඩනැඟීමට සඳහා සියලු පාර්ශව එක් විය යුතු යැයි ද ඒ වෙනුවෙන් සියලු දෙනා කැපවීම හා සිය අපේක්ෂාව යෙදවිය යුතු යැයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියි.

නදීක දයා බණ්ඩාර - මහනුවර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.