lakbima.lk

පශු සම්පත් මණ්ඩලය යටතේ පාලනය වන හැටන් කොටගල රොසිටා ගොවිපලට අයත්  රක්ෂිතයක අද (09) පස්වරුවේ ගින්නක් හට ගෙන ඇති බව දිඹුල පොලිසිය පැවසිය.

අද (09) පස්වරු 2 ට පමණ හට ගත් එම ගින්නෙන් එම රක්ෂිතයේ අක්කර 25 වැඩි භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.

වතු නිවාස පේලියකට ආසන්නයේ  පිහිටි මෙම ගින්න ශීඝ්‍රයෙන් පැතිර යමින් පවති.

ගින්න හේතුවෙන් අධි බලැති විදුලි රැහන් පද්ධතියකටද  දැඩි බලපැමක් එල්ල වි ඇත.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණයත් පවතින දැඩි සුලං තත්ත්වයත් හමුවේ ගින්න ශීඝ්‍රයෙන් පැතිර යමින් පවති.

කිසියම් පිරිසක් විසින් මෙම ඉලුක් සහිත රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව පොලිසිය සැකකරයි.

ගින්න මැඩ පැවැත්විමට කටයුතු කරන ලෙසට පොලිසිය මගින් ගොවිපොල භාර  නිලධාරින්ට  දැනුම් දි ඇත.

හැටන් රංජිත් රාජපක්ෂ


අද දින වැවිලි කර්මාන්ත අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩමන් මහතා අතර හමුවක්අද  (08)  වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදු විය.

එම අවස්ථාවේදී, ගාමිණී දිසානායක මහතා සහ  සෞම්‍යමූර්ති තොන්ඩමන්  මහතා  සිටින ඡායාරූපයක්  නවින් දිසානායක මැතිතුමා  විසින්   ආරුමුගම් තොන්ඩමන් මහතාට පිලිගැන්වූ අයුරු.

ඉතා දුර්ලභ මෙන්ම පාරසරික සුන්දරත්වයෙන් අනූන වූ මල් විශේෂයක් වන “නෙළු” මල් පිපීමත් සමග හෝර්ටන් තැන්න ප්‍රදේශය මේ දිනවල අතිසය මනස්කාන්ත සුන්දර ප්‍රදේශයක්  බවට පත්ව තිබේ.
නෙළු මල් විශේෂ අටක් පමණ එම ප්‍රදේශයෙන් දක්නට ලැබෙන අතර එම විශේෂ සියල්ලම වසර දෙකකට වරක් ඵල දරනු ඇත. මේ සියල්ලම දෙකේ ගුණාකාරයක් ලෙස මල් පිපෙමින් තිබෙන අතර සමහර  ශාකවල වසර දෙකකට වරක්, වසර තුනකට වරක් හා සිව් වසරකට වරක් මෙසේ මල් පිපෙන අතර වර්ග අටම වසර 12 ට වරක් එක වර මලින් පිරී යන බව එම ප්‍රදේශයේ ජනතාව පවසති.  දම්,කහ ,සුදු ,ලා රෝස යන පාට වලින්  මල් පිපී පරිසරය සුන්දර කරන අතර හෝර්ටන් තැන්න ප්‍රදේශයේ මේ දිනවල මල් වර්ග හයක් පමණ පිපී ඇති අයුරු දක්නට ලැබේ.
2001 හා  2013 වසරවල මල් විශේෂ අටම එකවර පිපි තිබෙනු දක්නට ලැබුණු බවත්, නැවත 2025 එම විශේෂ සියල්ලම මලින් පිරෙනු ඇතැයි හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයේ භාරකරු ප්‍රදිප් කුමාර මහතා පවසයි.

මස්කෙළිය ගාමිණී බණ්ඩාර - ඉලංගන්තිලක


නුවරඑලිය නගර සිමාවේ ස්ථාන කිහිපයකටම ඊයේ (06) අලුයම මල්තුහින පතිත වි තිබුණි
නුවරඑලිය නගර සභා ක්‍රිඩා පිටිය තුරග තරග පිටිය, ගොල්ෆ් ක්‍රිඩාංගනය ඇතුළු ස්ථාන කිහිපයකටයි මෙසේ මල්තුහින පතිත වි තිබ
අලුයම නුවරඑලිය ප්‍රදේශයේ සෙල්සියස් අංශක 6 ක අවම  උෂ්ණත්වයක් තිබු බවයි ප්‍රදේශවාසින් පවසයි
නුවරඑලියේ මේ දිනවල පවතින දැඩි සිත කාලගුණයත් සමග මල්තුහින පතිත වි ඇති අතර එම මල්තුහින දැක බලා ගැනිමට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් මේ දිනවල නුවරඑලියට සංචාරය සදහා පැමිණ සිටිති
මෙසේ පතිත වන මල්තුහින අලුයම  සිට හිරු එලිය පතිත වන තෙක් පවතින අතර මල්තුහින පතිත විම නිසා නුවරඑලිය ප්‍රදේශයේ එළවළු වගාවට සහ තේ වගාවට දැඩි බලපැමක් එල්ල වන බවයි එළවළු ගොවිහු සහ වතු අධිකාරිවරු කියා සිටිති

 

 

රංජිත් රාජපක්ෂ  - හැටන්                      

මහින්ද රනිල් අගමැති ‍පොරයේ උණුසුම මැකී යන්නට පෙර දැන් තවත් ‍පොරයක් ඇති වී තිබේ. ඒ විපක්ෂනායක පුටුවටය. කථානායක විපක්ෂනායක ධුරයට මහින්ද රාජපක්ෂ පත්කළත් ආර්. සම්පන්දන් කියන්නේ තමා තවමත් විපක්ෂ නායක බවය. එබැවින් තමා විපක්ෂ නායක කාර්යාලයෙන් ඉවත් වන්නේ නැති බව ඔහු කියන්නේය. ඡායාරූපයේ දැක්වෙන්නේ දෙපැත්තෙන් දෙන්නෙක් හිමිකම් කියන කොළඹ හතේ මාකස් ප්‍රනාන්දු මාවතේ, නොම්බර 30 පිහිටි විපක්ෂ නායක කාර්යාලයය.

ඡායාරූපය - මලිත් ගමගේ

“ගංවතුරෙන් විපතටපත් උතුරේ මුලතිව්,කිලිනොච්චි දිස්ත්‍රික්කවල ජනතාව වෙත සහනාධාර රැගෙන පැමිණි ජනතාව ගෙන ආ භෞතික දේට වඩා  එම ජනතාව දකුණෙන් උතුරට රැගෙන ආ සහෝදරත්වය සහ මනුෂ්‍යත්වයේ ආදරණීය  හැඟිම තුල මිල කල නොහැකි  තරම් වටිනාකමක් ගැබ්ව ඇති බව” කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.

තමන් කුඩා කාලයේ දකුණේ ගංවතුර උවදුර ඇති වූ  අවස්ථාවල යාපනයේ ජනතාව ආධාර ලොරි පුරවාගෙන දකුණේ ජනතාව වෙත  පැමිණි  අයුරු ද සිහිපත්කල කථානායක කරු ජයසුරිය මහතා සඳහන්  කලේ “කොතරම් දුෂ්කරතා පැවතිය ද පසුගිය වසරේ දකුණේ ඇති වූ ගංවතුර ආපදාවේ දීද උතුරේ ජනතාව සහෝදරත්වයෙන් යුතුව මෙම මනුෂ්‍යත්වය  පිරි හැගීම ප්‍රකට කල බවයි”.

විශේෂයෙන්ම උතුරු පළාතේ  නව වසර ආරම්භයත් සමගම ක්ෂණිකව  ඇති වූ ගංවතුරෙන් ජනතාව  බේරා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කල මෙහෙවර  ජනතාව  හා හමුදාව   අතර නව මානුෂික  බැදීමකට සහ අවබෝධයක පදනම සකසන ලද බවද හෙතෙම සඳහන් කලේය.කථානායක කරු ජයසුරිය  මහතා මේ බව සඳහන් කලේ ගංවතුර ආපදාවට පත් වූ  මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ජනතාවගේ සුවදුක් සොයා‍ බැලීමට සහ සහන සේවා කටයුතු පිළිබඳව පරික්ෂා කර බැලීම සඳහා එම ප්‍රදේශ වෙත ගිය  අවස්ථාවේදීය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.