lakbima.lk

පක්ෂයක බර අදින්නෝ ‍ලේකම්වරුය. මේ ඡායාරූපයේ සිටින දුමින්ද දිසානායකත්, රෝහණ ලක්ෂ්මන් පියදාසත් ශ්‍රීලනිපයේ ‍ලේකම් පුටුව හෙබවූවෝය. ඔවුන් දෙදෙනා පසුගියදා ශ්‍රීලනිප මූලස්ථානයට පැමිණියේ නව මහ ‍ලේකම් ධුරයේ වැඩ බාරගත් දයාසිරි ජයසේකරට සුබ පැතීම සඳහාය. මේ තිදෙනාගේ විශේෂත්වය වන්නේ තිදෙනාටම ‍ලේකම් ධුරයේ බර කරට වැටුණේ අර්බුදකාරී අවස්ථාවක වීමය.

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අභිනව ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරය සිසු අයිතියට පවරාදීමේ උත්සවය අද (11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ඩී.වී ශාන්ත සිල්වා මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම ක්‍රීඩාගාරය ඉදිකර තිබේ.

අද පෙරවරුවේ තර්ස්ටන් විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගෙන විද්‍යාලය වෙත කැදවාගෙන යනු ලැබීය.

පළමුව විද්‍යාල භූමියේ පිහිටි රණවිරු ස්මාරකය වෙත ගිය ජනාධිපතිතුමා මල් කලඹක් තැන්පත් කර ඊට පුෂ්පෝපහාර දැක්වීය.

අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව ක්‍රිකට් ක්‍රීඩාංගණ සංකීර්ණය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවකට ද එක් විය.

විදුහල්පති කේ.වී.ඒ.එල්.ඩයස් මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක්  පිළිගැන්වීය.

ආදි ශිෂ්‍ය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් මීට එක්ව සිටියහ.

නව කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙක් සහ නව නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

කැබිනට් නොවන අමාත්‍යවරු

01 රවින්ද්‍ර සමරවීර මහතා - කම්කරු සහ වෘත්තීය සමිති සබදතා කැබිනට් නොවන අමාත්‍ය 

02 වී. රාධකිි්‍රෂ්නන් මහතා - විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය

03  අබ්දුල්ලා මහරුෆ් මහතා - වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

04 මේ අතර  දයා ගමගේ මහතාට හිමිව තිබූ අමාත්‍ය ධූරයේ සංශෝධනයක් සිදුව තිඛෙනවා. ඒ අනුව ඔහුට හිමිව ඇති නව අමාත්‍ය ධූරය වන්නේ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය ධූරයයි. 

ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය

 

ඝාතනය වු දෙමළ සාහිත්‍යධරයන් පිරිසක් සිහි කිරීෙමි 45 වන තමිල් ආරචිචි මානාඩු සැමරුමි උත්සවය අද(10) දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින්ගේ ප‍්‍රධානත්වයෙන් යාපනය වීරසිංහමි ශාලාව ඉදිරිපිට සැමරුමි කුළුන අභියසදි පැවැත්විණ.
දෙමළ ජාතික සාහිත්‍යධරයන්ගේ පරියේෂණ සමුළුව අතරතුරදි 1974 ජනවාරි 10 වැනිදා යාපනයේදි ඝාතනය කළ සාහිත්‍යධරයන් නම දෙනෙකු සිහි කිරීම වෙනුවෙන් උතුරු පළාත් වැඩ බලන ප‍්‍රධාන අමාත්‍ය පි.ෙඓගරනේෂන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් තමිල් ආරචිචි මානාඩු සැමරුමි උත්සවය පැවැත්විණ.
සැමරුම් උත්සවය උතුරු පළාත් සභා මන්ත‍්‍රීවරුන් විසින් සංවිධානය කොට තිබු අතර, සැමරුමි ස්මාරකයට මල් මාලා පළඳවා,පහන් දල්වා සැමරුමි උත්සවය පැවැත්විණ.


දෙමළ සාහිත්‍යධරයන් ඝාතනය කිරීෙමි සිදුවීම සමිබන්ධයෙන් මෙතෙක් කිසිදු සාධාරණ පරීක්ෂණයක් පවත්වා නොමැති අතර, අදාළ සිදුවීම සමිබන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය ඇතුලු ජාත්‍යන්තර පාර්ශව කරුවන් මැදිහත් වි සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බැවි උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා පැවසුෙවිය.


සැමරුමි වැඩසටහන වෙනුවෙන් දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින්,උතුරු පළාත් සභා මන්තී‍්‍රවරුන්,  ප‍්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගි වි සිටියහ.


වවුනියාව - එන්.එමි. කුලසූරිය


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (10) පෙරවරුවේ එම ධුරයේ රාජකාරී ඇරඹීය.
ඒ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ යි.

අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්වෙමින් නව මහලේකම්වරයා වෙත සිය සුබපැතුම් පිළිගැන්වීය.

දයාසිරි ජයසේකර මහතා වෙත අදාළ පත්වීම් ලිපිය පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, තිලංග සුමතිපාල, ලසන්ත අලගියවන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් ඇතුථ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ ක්‍රීයාකාරිහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


ඡායාරූප : සුදත් සිල්වා

සම්බුද්ධ ශාසනයේ චිරස්ථීතිය වෙනුවෙන් දිවයින පුරා විහාරස්ථාන සදහා පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ විහාරස්ථාන 60 කට පූජා භූමි ඔප්පු ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව විහාරාධිපති ස්වාමින් වහන්සේලා කිහිප නමක් වෙත පූජා ඔප්පු පිළිගැන්විණි.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ්. ගුණසේකර, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එච්. කරුණාරත්න යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



(ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය)

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.