lakbima.lk

 

ශ්‍රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතතාව වෙනුවෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන සමුළු මාලාවේ පියවරක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුව අද (14) දා ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාරිසරික වාර්තාව දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර එහිදි පරිසර සමුළුව මුල්කරගෙන පැළයක් රෝපණය කළ ජනාධිපතිතුමා පරිසර හිතකාමී පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙදෙනෙකුට සංකේතවත් ලෙස පළතුරු පැළ බෙදාදීමක්ද සිදුකළේය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන පී.හැරිසන්, වන්ද්‍රාණි බණ්ඩාර, නියෝජ්‍ය ඇමති අජිත් මානප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක,උතුරු මැද ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් හා පරිසර පොලිසියේ නිලධාරීන්ද එක්ව සිටියහ.

 

"එක්ව සිතන්න, එක්ව හැදෙන්න" තේමාව යටතේ 71 වැනි ජාතික දින සැමරුමට සමගාමී ව දියත් කෙරුණු එකටසිටිමු"   ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උලෙළ සහ සංස්කෘතික ප්‍රසංගය ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන   මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ලෝක වෙළෙද මධ්‍යස්ථානය ඉදිරිපිට දී විචිත්‍රවත් අයුරින් පැවැත්විණි. 
 
මේ මොහොතේ රටක් ලෙස ඉදිරියට යාමට නම් සියලූ භේද අත හැර එක්ව ක්‍රියාකළයුතු බව තරයේ විශ්වාස කරමින්, රට වෙනුවෙන්  "එකටසිටිමු"  ක්‍රීයාන්විතය බල ගන්වා තිඛෙන අතර ඉදිරියේ දී සියලූ දේශමාමක බලවේග එකට එක් කර ගනිමින් රටේ උන්නතිය උදෙසාම කටයුතු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. 
 
ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එක්ව මෙම වැඩසටහන සංවිධානය කරයි. ඉතාමත් අලංකාරවත් සංස්කෘතික දැක්මකින් මෙම සමාරම්භක අවස්ථාව වර්ණවත් වූ අතර, යුද හමුදා තුර්ය වාදන, ආබාධිත රණවිරු දස්කම් ඇතුථ විවිධ සංස්කෘතික අංග රැසක් ඊට එක් කර තිබුණි.
 

එකට එක්ව යන ගමනට සියලූ ශ්‍රී ලාංකිකයන් එක්සත්ව එක්සිත්ව එක්වන බව සපථ කරමින්  "එකටසිටිමු"   සංදේශය මෙහිදී රටට කීර්තියක් අත්කර දුන් ප්‍රවීන මෝටර් රථ ධාවන ශ්‍රී ඩිලන්ත මාලගමුව මහතා ඇතුථ පිරිස විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
 
"එකටසිටිමු" ක්‍රීයාන්විතය දියත් කිරීමේ තාක්ෂණික උපකරණ ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සිදු වූයේ යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අතිනි.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුථ සම්භාවනීය ආරාධිත පිරිසක් ද, යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති යන මහත්වරුන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප : චන්දන පෙරේරා

 

 

නාවලපිටියේ සිට නාවලපිටිය මාපකන්ද දක්වා ධාවනය වු ලොරි රථයක් ෆයිනස් වගා රක්ෂිතයේ අඩි 50 පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් එම ලොරි රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් එක් අයෙක් බරපතල තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

ඊයේ (10) රාත්‍රි 10 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය මාපකන්ද ප්‍රධාන මාර්ගයේ මාපකන්ද පන්විල හන්දිය ප්‍රදේශයේදිය.

අවමංගල උත්සවයකට සහභාගි විම සදහා ලොරි රථය ධාවනය කරවන අවස්තාවේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට  ධාවනය වු ත්‍රිරෝද රථයකට ඉඩ ලබදිමට යාමේදි ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය පැවසුවේ.

අනතුරින් ලොරි රථයටද දැඩි අලාභ හානි සිදු වි තිබේ.

හැටන් - රංජිත් රාජපක්ෂ

 

හක්ක පටස් කෑම නිසා හටගත් ආබාධ වලින් පෙලෙමින් දින 10ක් පමණ වේදනා විදිමින් නිරාහාරව සිටි වන අලියෙකු ගිරාදුරුකෝට්ටේ ගිරාලගොල්ල කෙත් ඇලක් ආසන්නයේ නිවසක ගෙවත්තක කෙලවරක වැටීසිටියදී ගම්මුන්ට හමුවී තිබේ.ගම්මු පවසන්නේ මේ සද්දන්තයා දැඩි ලෙසටම වේදනාවෙන් දගල දගලාසිටි අතර කෑමට දුන් කිසිවක් පවා කෑමට හැකියාවක් නොමැතිව සිටින බවයි.

මේ පිළිබදව වනජීවී නිලධාරිවරු දැනුවත්කර ඇති අතර ඒ අනුව මධ්‍යම කලාප වන ජීවී සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ  මධ්‍යම කලාප භාර පශු වෛද්‍ය නිලධාරි අකලංක පිණිදිය මහතා ඇතුළු නිලධාරීන් එම ස්ථානයට පැමිණ පණ  අදිමින් සිටි වන අලියාට ප්‍රතිකාර ලබාදීම ආරම්භකර ඇත.

පිණිදිය මහතා පැවසූ පරිදි උසින් අඩි   හත හමාරක් පමණවූද වයසින් අවුරුදු 20ක් පමණ වූද මෙම අලියා පිරිමි සතෙකි. හක්ක පටස් කෑම හේතුවෙන් සතාගේ මුකය හා ගලනාලය ආශ්‍රිතව දැඩි ලෙසම අසාධ්‍ය තුවාල රැසක් හටගෙන ඇති අතර ඒවා පිපිරී සැරව ගලන මට්ටමට පත්වී ඇත. ආහාර ගැනීමට හෝ ජලය පානය කිරීමට හැකියාවක්ද  නොමැත.සතා ආහාර අහේනියෙන් මෙන්ම විජලනයෙන්ද පෙලෙමින් සිටී. අඛණ්ඩවම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටින නමුත් එම සතාගේ ජීවිතය බේරා ගැනීම කෙරෙහි විශ්වාසයක් තැබීමටද හැකියාවක් නොමැති නමුත් සතා බේරා ගැනීම සදහා හැකි සෑම උත්සාහයක්ම දරන බවයි.

බරපතල  තුවාල  ලබා මඩ වලක වැටී දින කිහිපයක්ම වේදනාවෙන්  දුක් විදමින් සිටි වන අලියෙක් මීට ආසන්න ගම්මානයක මඩවල තුලදීම  මින් මාසයකට පමන ඉහතදී මියගොස් තිබුනි.

ගිරාඳුරුකෝට්ටේ එස්.එස්.එස්. ගුණරත්න          

දින දෙකක පමණ කාලයක් අඛණ්ඩව වවුනියාව ප්‍රදේශයට පවතින වර්ෂාව හේතුවෙන් අස්වනු නෙළීමට ආසන්නව තිබු කුඹුරු රැසක් විනාශ වි ඇති බව ප්‍රදේශයේ ගොවි ජනතාව පවසති.

ප්‍රදේශයේ ගොවි ජනතාව පැවසුවේ වැස්ස හේතුවෙන් ගොයම් කැපීමට ආසන්නව පැවති කුඹුරු ඉඩම් රැසක ගොයම් ගස් බිමට වැටී ජලයෙන් යටවි ඇති බවයි.

ගොයම් ගස් වැටී ජලයෙන් යටවීම හේතුවෙන් තමන්ට අස්වනු නෙළා ගැනීමට නොහැකි වි ඇති අතර, වර්ෂාව හේතුවෙන් වගාබිම් විනාශවුවහොත් තමන්ට වස පානය කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද ගොවිහු පැවසූහ.

වවුනියාව දිස්ත්‍රික්කය තුළ දළ වශයෙන් කුඹුරු අක්කර 1000 කට ආසන්න ප්‍රමාණයක අස්වනු නෙළීමට වර්ෂාව බාධාවක් වි ඇති බවද ප්‍රදේශයේ ගොවි ජනතාව පැවසීය.

හදිසියේ ඇතිවු වර්ෂාව හේතුවෙන් මේ වන විට ඇතැම් වගාබිම් යටකරගෙන ජලය ගලාගෙන යන තත්වයක් හටගෙන ඇති බවද ගොවියන් සදහන් කළහ.

මාධව කුලසූරිය - වවුනියාව



71 වන ජාතික දින සැමරුම් උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලූ මුවදොර පිටියේ දී අභිමානවත් අයුරින් පැවැත්විණි.


මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා මෙම උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටි අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්, විදෙස් තානාපතිවරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින්, මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.