lakbima.lk

සිගිරිය දිය අගල ඇතුලත කලාපය අද (01) සිට පොලිතින් ඇතුළු අපද්‍රව්‍යවලින් මුක්ත  කලාපයක් බවට නම් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් පියවර ගෙන තිබේ. මෙම වැඩපිළිවෙල අනුව ප්‍රධාන පිවිසුම් දොරටු අභියසදී දෙස් විදෙස් සංචාරකයි විසින් රැගෙන එන ලද ආහාර ද්‍රව්‍ය හා ජල බෝතල්වල පිටතින් ඇති පොලිතින් ආවරණ ඉවත් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවක සේවිකාවන් පිරිසක් යොදවා තිබු අතර සංචාරකයින්ට එම තත්වය පැහැදිලි කරදීමෙන් පසු ඔවුන් සිය කැමැත්තෙන්ම සහාය දැක්වීමට ඉදිරිවී සිටිනු දැකිය හැකි විය. 

සිගිරිය දිය අගල ඇතුළත කලාපයට පිසින ලද ආහාර වර්ග, කෙටි ආහාර වර්ග රැගෙනයාම දෙස් විදෙස් සංචරකයිනට අවසර ලබා නුදුන් අතර ආහාර ද්‍රව්‍ය ලෙස බිස්කට් වර්ග රැගෙන යාමට අවසර ලබාදීම සිදු කළේ එහි පිටතින් ඇති පොලිතින් ආවරණය ඉවත් කිරීමෙන් බවද  සිගිරිය ව්‍යාපෘති කළමනාකරු මේජර් එම්.එම්.නිශාන්ත මහතා පැවසිය.    

එසේම ජල බෝතල්වල මුඩියේ ඇති පොලිතින් ආවරණය හා පිටතින් ඇති ලේබලය ඉවත්කර ජල බෝතල් රැගෙන යාමට අවසර දෙනු ලැබූ අතර බිස්කට් හා ජල බෝතලය ඔවුන් විසින් රැගෙන එන ලද බෑගය තුල දමා රැගෙනයාම සිදු කළහ.

මෙම වැඩ පිළිවෙල ආරම්භ කර පැයක් තුල අත් ට්‍රැක්ටරයක බහාලිය හැකි ප්‍රමාණයක් පොලිතින් එක්වූ බවද ඒ මහතා පැවසිය.

මෙම වැඩ පිළිවෙල පිලිබදව සංචරකයින් දනුවත් කිරීමේ පුවරුද සවිකර තිබුණි.

අශෝක එරමිනිගම්මන - දඹුල්ල 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 06 ක් යලි එරටට භාර දීම ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කෙරිණි.

තවද, මෙම ට්‍රෝලර් යාත්‍රා කරෛයිනගර්, ශ්‍රී ලංකා නාවික නෞකා එළාර සහ නච්චිකුඩා, ශ්‍රී ලංකා නාවික ‍නෞකා බුවනෙක ආයතනයෙහි කිරන්චි අනුඛණ්ඩයට අයත් ජැටියන්හි නැංගුරම් ලා තිබූ අතර, එම ධීවර යාත්‍රා අළුත්වැඩියා කිරීම සඳහා ඉන්දියාවට අයත් ඉංජිනේරුවන් පිරිසක් පසුගිය දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙන ලදී. ඒ අනුව, එම ට්‍රෝලර් යාත්‍රාවන්හි අළුත්වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව එරට බලා පිටත් වන ලද අතර, එම ට්‍රෝලර් යාත්‍රා භාර දීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රාවන් එක් විය. ඒ අනුව, ඔවුන් ඊයේ සන්ධ්‍යාවේ ශ්‍රී ලංකාවට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘අයුෂ්’ සහ ‘රානී දූර්ගාවතී’ නෞකාවන් වෙත භාර දීමට කටයුතු කෙරිණි.

 

ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස්, අතිගරු ෂහීඩ් අහමඩ් හෂ්මට් මහතා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය.

එහිදී, ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් සජාඩ් අලි මහතා ද සහභාගි විය.

 

ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කළ කලා ශිල්පි ශිල්පිනියන් ඇගැයිමට ලක් කෙරෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රගහලේ දී පැවැත්විණි. 
 
කලා ශිල්පි ශිල්පිනියන් දෙසීය දෙනෙකු පමණ මෙහිදී ඇගැයීමට ලක් කෙරුණු අතර විශිෂ්ටතා සම්මාන පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
 
 

 

 ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්වීමට සංවිධානය කරනු ලැබූ ‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise –CONEX 19) අද (ජනවාරි 29) සාර්ථකව නිමාවට පත්විය. වරාය ආශ්‍රිතව සිදුකරන මෙහෙයුම් හා මුහුදේදී සිදුකරන මෙහෙයුම් වශයෙන් අදියර දෙකක් යටතේ පුරා දින 4 ක් පැවති මෙම නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවන් වන ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ, සාගර, සමුදුර, ප්‍රතාප, සුරනිමිල, මිහිකත සහ රත්නදීප යන නෞකාවන්, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක නෞකාවන් වන සුරක්‍ෂා සහ සමුද්‍රරක්‍ෂා යන නෞකාවන් ඇතුළුව නාවික හමුදා ‍වේග ප්‍රහාරක යාත්‍රා මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා  එක්වන ලදී.

මෙහිදී නෞකාවන් කණ්ඩායම් වශයෙන් හැසිරවීමේ අභ්‍යාස, මුහුදු බෝම්බ තැන්පත් කර ඇති අවස්ථාවක ජලයේ නිරුපද්‍රිතව යාත්‍රා කිරීම, මුහුදේදී සැපයුම් අවශ්‍යතා සම්පාදනය කර ගැනීම, මුහුදේදී රාත්‍රී වෙඩි පුහුණුව, මුහුදේදී පුද්ගලයින් හා භාණ්ඩ හුවමාරුව, අනතුරටපත් නෞකාවක් ඇදගෙන යාම සහ සංඥා හුවමාරු ක්‍රම ආදී වූ අභ්‍යාසයන් සිදු කරන ලදී. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානාවක් උපයෝගි කර ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් තුලින් රෝගියෙකු නිරුපද්‍රිතව ලබා ගැනීමේ අභ්‍යාසය එහිදී සිදු කරන ලද අතර, එම හෙලිකොප්ටර් යානාව මඟින් රෝගීයා නිරුපද්‍රිතව ලබා ගැනීමේ අභ්‍යාසය ඉතා සාර්ථකව නිම කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදා සහ ගුවන් හමුදා සාමාජිකයින් සමත් විය. මේ අභ්‍යාසය සඳහා  ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් මෙන්ම ගුවන් හමුදා ගුවන් නියමුවන් ද දැඩි උනන්දුවකින් සහභාගී වන ලදී.  ඒ අනුව, කලාපයේ සාගරික ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කරගැනීමට මෙන්ම පුහුණු හැකියාවන් වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මෙම  සාගරික අභ්‍යාසය ඉතා වැදගත් විය.

මෙවැනි සුවිශේෂි ඒකාබද්ධ අභ්‍යාසයන් සිදු කිරීම තුලින් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර අන්න්‍යෝන්‍ය අවබෝධය තව දුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන අතර, අනාගතයේ ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපයේ සාගරික ආරක්ෂාව ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ගුවන් හමුදාව සමඟ ඒකාබද්ධව මෙහෙයුම් සිදු කිරීමට මෙමඟින් මහත්  පිටිවහලක් සැළසෙනු ඇත.

 

 

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ හදුන්වාදුන් ,ග්‍රාමශක්ති ගමට අරුණ, සහ ''ග්‍රාමශක්ති ගමට දිරිය'' ක්ෂණික ටිකට් පත්වල පළමු ටිකට් පත අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වී ය.

 
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී. සූරියප්පෙරුම මහතා විසින් ටිකට් පත් ජනාධිපතිතුමා වෙත පිළිගැන් වූ අතර, සහකාර සාමාන්‍යාධිකාරි සුනිල් ජයරත්න මහතා ඇතුථ පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.