lakbima.lk


එ.ජා.ප.යේ ජන රැළියක් කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්විණ එම අවස්ථාවට සහභාගි වූ ජනතාව. 

ඡායාරූපය - ෆ්‍රෑන්ක් ද සොයිසා

විසිනව වැනි ඉල්මහ විරු සැමරුම ඊයේ (13) කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි. එම අවස්ථාවට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ප්‍රධාන ‍ලේකම් ටිල්වින් සිල්වා, එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දේශපාලන මණ්ඩල හා මධ්‍යම කාරක සභිකයන්, ජාතික සංවිධායකවරුන්, විරුවන් සිහිපත් කරමින් පුෂ්‍පෝපහාර දැක්වීම සඳහා පැමිණෙන අයුරු ඡායාරූපයේ දැක්වෙයි.   

ඡායාරූපය : මලිත් ගමගේ

ඉන්දියාව හා චීනයෙන් ආනයනය කරන ලද ලොකු ලූනු තොග විශාල ලෙස දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීමත් සමග දේශීය ලොකු ලූනු සදහා පැවති ඉල්ලුම සහ මිල පහත වැටී ඇතැයි එහි ව්‍යාපරිකයෝ  කියා සිටිති.
ආනයනික ලොකු ලූනු කිලෝවක් සදහා රජය විසින් පනවන  ලද රුපියල් 40 ක් වෙළඳ භාණ්ඩ   බද්ද සමග මේ දිනවල ආනයනික ලොකු ලූනු කිලෝවක් රුපියල් 80-90 ත් අතර මිලකට අලෙවි කරනු ලබන අතර දේශීය ලොකු ලූනු කිලෝවක් රුපියල් 60-70 අතර මිලකට පහත වැටී ඇතැයිද ඔවුහු කියා සිටිති.


මේ දිනවල මාතලේ දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා ප්‍රදේශයේ ලොකු ලූනු වගා බිම් රැසක් ජලයෙන් යටවී විනාශ වූ බවත්, ජලයෙන් යට නොවූ  ප්‍රදේශවල ගොවින් තම අස්වැන්න ආරක්ෂා කර ගනිමින්     ඉහළ මිලක් අපේක්ෂවෙන්  ගබඩා කර ගෙන සිටියත් ආනයනික  ලොකු ලූනු තොග විශාල ලෙස වෙළඳ පොලට ලැබීමත් හා ලූනු ගබඩා තුළ ලුණු තොග  කුණුවී විනාශවී යාම හේතුවෙන් ලොකු ලූනු ගොවියා කබලෙන් ලිපට වැටි ඇතැයි දඹුල්ල ඒකාබද්ධ ගොවි පදනමේ සභාපති සුනිල් රණවීර මහතා මේ පිලිබඳව කරන ලද විමසීමේදී කියා සිටියේය. 

 

අශෝක එරමිනිගම්මන  -දඹුල්ල

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ඊයේ(10) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.

එහිදී ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිතුමා පිළිගත් අතර, අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුථ පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය


ආප්ප දේශපාලනය නමැති න්‍යාය ලංකා දේශපාලන වාග් කෝෂයට ආවේ පසුගිය ජනපතිවරණයේදීය. ඒ මහින්ද - මෛත්‍රී වෙන් වීමට පෙර දිනයේ අරලියගහ මැදුරේදී ආප්ප කෑ කතාවත් සමගය. මහින්ද-මෛත්‍රී දැන් එක් වුණිද අරලියගහ මැදුරේ ආප්ප දේශපාලනය තවමත් එහෙමය. ඡායාරූපයේ දැක්වෙන්නේ අරලියගහ මැදුරෙන් නොයෙන රනිල් වෙනුවෙන් එකතු වන පාක්ෂිකයන් වෙනුවෙන් ආප්ප පුච්චන අයුරුය.

ආණ්ඩුවට විරෝධය පළ කරමින් විශාල රථ පෙළපාළිය ඊයේ මධ්‍යහ්නයේදී පැවැත්විණි. එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා හිටපු අමාත්‍යවරුන් විසින් සංවිධානය කළ මෙම රථ පෙළපාළිය කොළඹ ගාලු මුවදොර පිටියෙන් දහවල් 1.30 ට ආරම්භ  විය.
මෙම රථ පෙළපාළිය පිළිගැනීම සහ ඊට ආචාරය දැක්වීමට ගාලු මුවදොර පිටිය ඉදිරිපිට අරලියගහ මන්දිරයේ පිවිසුම් දොරටුව වෙතට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන්ද එක්වී සිටිනු දක්නට ලැබිණි.
ගාලු මුවදොර පිටිය පසුකර අරලියගහ මන්දිරයේ පිවිසුම් දොරටුව ළඟින් ගමන් ගත් රථ පෙළපාළිකරුවන්ට රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් ආචාරය පුද කළේය.

හොර ආණ්ඩුව පන්නමු, පාර්ලිමේන්තුව වහා කැඳවනු, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු යනුවෙන් සටන් පාඨ කියමින් විරෝධතාකරුවන් රථවාහන මතින් නිදහස් චතුරශ්‍රය වෙත ගමන් ගත්තේය.
ඒ අතරතුර පාර්ලිමේන්තුව කැඳවීමට කථානායකවරයාට ඉල්ලීමක් කෙරෙන අත්සන් පෙත්සමක්ද විරෝධතාකරුවන් විසින් සකස් කරනු දක්නට ලැබිණි.
මෙම පෙත්සම කථානායකවරයාට භාරදීමට සැලසුම් කර තිබුණද රථවාහන පෙළපාළියෙන් ඇතිවූ දැඩි වාහන තදබදය නිසා එය භාරදීමට නොහැකි වූ බව කොළඹ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

රුක්මාල් සිල්වා

ඡායාරූප: මලිත් ගමගේ

Page 1 of 12

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.