lakbima.lk

ශ්‍රී පාද සමයේ එකතු වූ බෝතල් කන්ද

මෙවර ශ්‍රි පාද වන්දනා සමයේදි හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය කරුණා කිරිමට පැමිණි වන්දනාකරුවන් විසින් නල්ලතන්නියේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ප්ලස්ටික් වතුර බෝතල් ලක්ෂ 10 පමණ  බැහැර කර තිබු බව මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ කර්මාන්ත ක්ෂෙත්‍ර නිලධාරි එ.ඩබ්ලිව් හේමන්ත මහතා පැවසිය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ.ඩබ්ලිව් හේමන්ත මහතා කියා සිටියේ ඉකුත් ශ්‍රි පාද වන්දන සමයන්ට සමගාමිව පරිසරය රැක ගැනිම සදහා ශ්‍රි පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජ මහ විහාරයේ විහාරාධිපති සබරගමු පලාතේ ප්‍රධාන සංඝ නායක සහ ඌවවෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වමින් වහන්සේගේ උපදෙස් පරිදි මාධ්‍යයට මගින් වන්දනාකරුවන් දැනුවත් කිරිම හේතුවෙන් හැටන් මාර්ගය ඔස්සේ පැමිණි වන්දනාකරුවන් ශ්‍රි පාද පරිසරය රැක ගැනිමට විශාල දායකත්වයක් දැක් වු බවයි.

නල්ලතන්නියේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ගමන් ගන්නා වන්දනාකරුවන්ට පානිය ජලය ලබා ගැනිමට නිසි වැඩ පිලිවෙලක් නොමැති නිසා පානිය ජලය අවශ්‍යයතාවය ලබා ගැනිමට වන්දනාකරුවන් මෙසේ ප්ලාස්ටික් වතුර බොතල් උඩ මළුව දක්වා රැගෙන යන බවයි.

එසේ රැගෙන ගිය ප්ලාස්ටික් වතුර බෝතල් වන්දනාකරුවන් විසින් කැලි කසල බදුන් වලට බැහැර කර තිබු ප්ලාස්ටික වතුර බෝතල් ප්‍රාදේශිය සභාවේ කම්කරුවන් සහ නල්ලතන්නිය  වනජිවි කාර්යයාලයේ නිලධාරින් සහ සේවකයින් විසින් අවස්ථා කිහිපයකදිම නල්ලතන්නිය දක්වා රැගෙනවිත් ඇත.

එසේ රැගෙන ආ ප්ලාස්ටික් වතුර බොතල් ප්‍රතිචක්‍රිකරණය සදහා යොමු කරන අතර  නල්ලතන්නියේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා  ගමන් ගන්නා වන්දනාකරුවන්ට පානිය ජලය ලබා දිමට වැඩ පිලිවෙලක් දියත් කරන්නේ නම් ඊලග වන්දනා වාරයේදි ප්ලාස්ටික් වතුර බෝතල් රැගෙන යාම තහනම් කිරිමට හැකි බවද හේමන්ත මහතා පැවසීය.

මේ අතර 2019/ 2020 ශ්‍රි පාද වන්දනා වාරයේදි  නල්ලතන්නියේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා වන්දනාකරුවන්ට පානිය ජලය ලබා දිමේ ව්‍යපෘතියක් ආරම්භ කිරිමට මේ වන විට ප්‍රතිපාදන වෙන් කර ඇති බව නුවරඑලිය අතිරේක දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා  ශ්‍රි පාද වන්දනා වරාය අවසන් කිරිම සම්බන්ධයෙන් පසුගිය දා නල්ලතන්නිය ග්‍රාමාසේවා කාර්යයාලයේ පැවති රැස්විමේදි පැවසිය.

2018/2019 ශ්‍රි පාද වන්දනා වාරය  වෙසක් දිනට පසු දින (19) අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසිය.

රංජිත් රාජපක්ෂ - හැටන්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.