lakbima.lk

ෆයිනස් වෙනුවට දේශිය වන වගාව

මහනුවර මහ නගර සභාවට අයත් දුණුමඩලාව රක්ෂිතයේ ඇති ෆයිනස් වගාව ඉවත් කර ඒ වෙනුවට එහි දේශීය වන වගා ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ එම භූමියේ දී සිදු විය.

පිවිතුරු හරිත පුරවරයක් ගොඩනඟමින් ජෛව විවිධත්වය සුරකින, තුරු ප්‍රජාව, නමින් වැඩසටහන නම් කර තිබුණි. 

මෙම අවස්ථාව සංඛේතවත් කරමින් ජනාධිපතිතුමා විසින් දුණුමඩලාව රක්ෂිතයේ මී පැළයක් රෝපණය කරනු ලැබීය. 

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ, මහනුවර නියෝජ්‍ය පුරපති ඉලානි ආබ්දීන්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක යන මහත්වරුන් ඇතු`ථ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 

( ඡායාරූප : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය)

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.