lakbima.lk

අධික වේගයේ විපාක

නුවරඑලියේ සිට කොළඹ දක්වා අධික වේගයෙන් ධාවනය වු වැන් රථයක් ලොරි රථයක ගැටිමෙන් වැන් රථයේ රියදුරා බරපතල ලෙස තුවාල ලබා වටවල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව තුවාල ලැබු රියදුරු වැඩි දුර ප්‍රතිකාර සදහා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

ගිනිගත්හේනේ සිට හැටන් දක්වා ධාවනය වු ලොරි රථයකට ඊයේ (09) පස්වරු 5 ට පමණ මෙම වැන් රථය ගැටි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ෂැනන් වත්ත ප්‍රදේශයේදිය.

නුවරඑලියේ මේ දිනවල වසන්න උදානයට පැමිණි පවුලේ පිරිසක් රැගත් වැන් රථය කොළඹ දක්වා ධාවනය කරවන අතරතුර අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් වැන් රථයේ සිටි අනෙක් අයට කිසිදු අනතුරක් සිදු වි නොමැති බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ (09) පස්වරුවේ මධ්‍යම කදුකරයට ඇද හැලුණු වර්ෂාවත් සමග අධික වේගයෙන් ධාවනය වි ඇති වැන් රථය  ලිස්සා ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් ඉදිරියට ධාවනය වෙමින් තිබු ලොරි රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

නුවරඑලියේ වසන්ත උදානයට සහභාගි විම සදහා පිට පලාත් වල සිට දිනපතා විශාල පිරිසක් වාහනවලින් හැටන් මාර්ගය ඔස්සේ නුවරඑලියට පැමිණෙන බවත්, එසේ පැමිණෙන  එසේ පැමිණෙන වාහන සෙමින් සැලකිලිමත් ලෙස  රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

හැටන් රංජිත් රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.