lakbima.lk

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පිළිරුව

අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පිළිරුවක් කෝට්ටේ කල්‍යානී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ (25) සවස විවෘත කෙරුණි.

සාධාරණ සමාජයක් සදහා වූ ව්‍යාපාරයේ මැදිහත්විම මත ඉදිකෙරුණ මෙම පිළිරුව විවෘත කිරීමේ අවස්ථාවට කෝට්ටේ කල්‍යානී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ඉත්තෑපාන ධම්මාලංකාර, අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහ නායක කොටුගොඩ ධම්මාවාස යන මහා නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, කනානායක කරු ජයසූරිය, අමාත්‍යවරුන් වන චම්පික රණවක, ගයන්න කරුණාතිලක, වජිර අබේවර්ධන, රාජිත සේනාරත්න යන මහත්වරුන් නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, සාධාරණ සමාජයක් සදහා වූ ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්යය සරත් විජේසූරිය, නීතීඥ රවී ජයවර්ධන, සර්වෝදය නායක අචාර්යය ඒ ටී ආරියරත්න යන මහත්වරුන් ඇතුළු ගිහි පැවදි විශාල පිරිසක් සහභාගී වූහ.

පිළිරුව විවෘත කිරීමේ උත්සව සභාව අමතා ඉත්තෑපාන ධම්මාලංකාර, කොටුගොඩ ධම්මාවාස මහා නාහිමිවරුන් සහ මහාචාර්යය සරත් විජේසූරිය, නීතීඥ රවී ජයවර්ධන යන මහත්වරුන් කෙටි දෙසුම් පැවැත්වූහ.

ජයකාන්ත ලියනගේ 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.