lakbima.lk

සිගිරිය පාලු වෙයි

 

රටේ උද්ගතව පවතින් ආරක්ෂක තත්වයත් සමග සිගිරිය නැරඹීමට පැමිනෙන් දෙස් විදෙස් සංචාරකයින් සංඛ්‍යාත්මකව විශාල ලෙස අඩුවීම හේතුවෙන් සිගිරි නැරඹුම් කලාපය මෙන්ම නගරයද පාළු ස්වභාවයක් දක්නට  ඇත.

ඉකුත් පාස්කු ඉරිදා දිනයේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුවී සතියක කාලයක් ඉක්ම ගොස් ඇතත් සිගිරිය නැරඹීමට පැමිනෙන් දෙස් විදෙස්  සංචාරකයින් සංඛ්‍යාව දිනකට 300 - 400 අතර ප්‍රමාණයකට සිමාවී තිබෙනු  දැකිය හැක.

සංචාරක කර්මාන්තය ආශ්‍රිතව පැවති ව්‍යපාර සියල්ල අඩපණවී ඇත. ප්‍රධාන පෙලේ සංචාරක හෝටල් මෙන්ම ගෘහාශ්‍රිතව පවත්වා ගෙන් ගිය බොහෝ සංචාරක ලැගුම්හල් පාලුවට ගොස් ඇත.

අලි සෆාරි, ගොන් කරත්ත සෆාරි සේවා සියල්ල අඩපනවී ඇති අයුරු දෑකගත හැක. සෆාරි සේවයට යොදාගත් අලි ඇතුන්ට මෙන්ම ගොනුන්ටද විවේකයක් ලැබී අයුරු දැකගත හැක.

සංචාරක කර්මාන්තය දියුණු කිරීමට විවිධ මුල්‍ය ආයතනවලින් ණය ලබාගත් පිරිස් ණය වාරික ගෙවා දැමීමට නොහැකිව අසරණවී සිටින බව  සිගිරිය සංචාරක නිකේතන හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් ගුණසේකර මහතා පවසයි.

සංචාරක මඟ පෙන්වන්නන් මෙන්ම සංචාරක කරමාන්තය ආශ්‍රිතව සුළු රැකියාවන්හි නිරතවුවන්ද  අදායම් මාර්ග අහිරියමෙන් පිඩාවට මුහුණදී සිටිති.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිගිරිය ව්‍යාපෘති කළමනාකරු අනුර නිශාන්ත මහතා කියා සිටියේ වෙනත් දිනයන්හි දේශීය සංචාරකයින් 3000-4000 ක් දිනපත් පැමිණි බවත් විදෙස් සංචාරකයින් 1000-1500 ක් දෙන දිනපතා සිගිරිය නැරඹීමට පැමිණි බවය.

වර්තමානයේ රටේ උද්ගතව ඇති තත්වය හමුවේ විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 150-200 දක්වාත් දේශීය සංචාරකයින් සංඛ්‍යාව 100-150 අතර සංඛ්‍යාවට පහත වැටි ඇති බවය.

එසේම සිගිරිය නැරඹීමට පැමිනෙන් දෙස් විදෙස් සංචාරකයින් සදහා අවශ්‍ය ආරක්ෂක පහසුකම්  ඉහල නංවා ඇතැයිද සිගිරිය ගුවන් හමුදාව හා පොලිසියේ ආරක්ෂාවට අමතරව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අරක්ෂකයින්ද ඒ සදහා යොදවා ඇති බැවින් සිගිරිය නැරඹීමට කිසිදු බියක් ඇතිකර ගතයුතු නැතැයිද ඒ මහතා කියා සිටියේය.

සීගිරියේ සංචාරකයින්ගේ ආරක්ෂාව පිලිබදව තහවුරු කිරීමක් ලබාදිය හැකි බැවින් සිගිරිය නැරඹීමට පැමිනෙන ලෙස ඒ මහතා සියලු සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියි.

අශෝක එරමිනිගම්මන - දඹුල්ල

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.