lakbima.lk

මාර්ග අවහිරය

කොළඹ වරායේ සිට ගිනිගත්හේන පොල්පිටිය බොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යපෘතිය සදහා ටොන් 25 යකඩ සහ උපකරණ ප්‍රවාහනය කරමින් තිබු කන්ටේනර් රථයක් ගිනිගත්හේන කළුගල ලක්ෂපාන ප්‍රධාන මාර්ගයේ දි ප්‍රධාන මාර්ගය හරහා අවහිර විමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය 4 පමණ කාලයක් සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.

අද (28)  උදැසන 7 ට පමණ කන්ටෙයිනර් රථය ගිනිගත්හේන කළුගල ප්‍රදේශයෙන් ලක්ෂපාන මාර්ගයට පිවිස කන්ටෙයිනර් රථය ධාවනය කරවන අවස්ථාවේ වංගුවක් ගැනිමේදි කන්ටේනර් රථය මාර්ගය හරහා අවහිර වි ඇත.

කන්ටේනර් රථය එම මාර්ගය හරහා අවහිර විමෙන් ලක්ෂපාන, පොල්පිටිය, මිනුවන්දෙණිය,  හගරාපිටිය, ලක්ෂපාන හරහා නොටන්බ්‍රිජ් සහ මස්කෙලිය ප්‍රදේශවලට පිවිසෙන මාර්ගය සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.

බොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යපෘතියේ ලොඩර් යන්ත්‍ර දෙකක්  උපකාරයෙන් මාර්ගය හරහා අවහිර වි තිබු කන්ටෙයිනර් රථය දැඩි පරිශ්‍රමයක් දරා ඉවත් කිරිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යළි යථා තත්ත්වයට පත් විය.

වංගු සහිත පටු මාර්ගයක් වු ගිනිගත්හේන කළුගල ලක්ෂපාන මාර්ගයේ මෙවැනි කන්ටෙයිනර් රථ ධාවනයට සුදුසු නොවන බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

හැටන් රංජිත් රාජපක්ෂ 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.