lakbima.lk

මුස්ලිම් ජනතාව ගේ නිහඩ විරෝධය

අන්තවාදයට සහ 21 දින පාස්කු මංගල්‍යය දින සිදු වු ත්‍රස්තවාදි ප්‍රහාරයට එරෙහිව නාවලපිටිය ප්‍රදේශයේ පාරම්පරික මුස්ලිම් ජනතාව අද (03) දහවල් නිහඩ විරෝධතාවයක නිරත විය.

නාවලපිටිය නගරයේ සොයිසාකැලේ ජුම්මා මස්ජිත්පල්ලියේ සිකුරාදා යාඥාවට සහභාගි විමෙන් අනතුරුව එම යාඥාවට සහභාගි වු මුස්ලිම් ජනතාවගෙන් පිරිසක් සහ නාවලපිටිය ප්‍රදේශයේ තවත් මුස්ලිම් පල්ලි කිහිපයක මුස්ලිම් ජනතාව එක් වි නාවලපිටිය සොයිසාකැලේ ජුම්මා මස්ජිත් පල්ලිය ඉදිරිපිට මෙම නිහඩ විරෝධතාවයේ නියලුණි.

විරෝධතාවයේ නියැලි සිටි නාවලපිටිය ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව කියා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔහුන්ට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසයි. 

එම සිද්ධිය පදනම් කර ගනිමින් සමස්ත මුස්ලිම් ජනතාවට පිඩා නොකරන ලෙසටද එම නිහඩ විරෝධතාවයේ නියැලි සිටි මුස්ලිම් ජනතාව පැවසූ අතර විරෝධතාව සඳහා දැඩි පොලිස් ආරක්ෂාවක්ද සලසා තිබුණි.

හැටන් රංජිත් රාජපක්ෂ 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.