lakbima.lk

ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (03) රාත්‍රියේ සිට කඩින් කඩ තද වැසි පතිත වෙමින් පවති.

පවතින අධික වර්ෂාව සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන සහ හැටන් අතර ස්ථාන කිහිපයකම පස් කදු සහ ගස් කඩා වැටි ඇති අතර එම මාර්ගයේ ස්ථාන කිහිපයකම  තද මිදුම් තත්ත්වයක් මතු වන නිසා වර්ෂාව පවතින වේලාවන් වල ප්‍රධාන මාර්ගය ලිස්සන සුළු බැවින් එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස  පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

හැටන් රංජිත් රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.