lakbima.lk

උපවාසයේ සහායට පාගමනක් සහ අශිර්වාද පුජාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන් විසින් මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට ආරම්භ කර ඇති උපවාසයට සහයෝගය දක්වා හැටන් නගරයේ පාගමනක් සහ උන් වහන්සේට සෙත් පතා ආශිර්වාද පුජාවක් පැවත්වීය.

මෙම පාගම සහ ආශිර්වාද පුජාව හැටන් නිග්‍රෝධරාම විහාරස්ථානයේ විහාරධිපති මධ්‍යම පලාතේ ප්‍රධාන සංඝ නායක ශ්‍රාස්ත්‍රපති මහගම විමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේ ආරම්භ කල පාගමන හැටන් නගර මධ්‍යය හරහා හැටන් පුංචි බෝධිය වෙත ගොස් බොධිය අසලදි අතුරුලියේ රතන හිමියන්ට සහ මඩකලපුවේ උපවාසයට සහයෝගය දක්වන පිරිසට සෙත් පතා ආශිර්වාද පුජාව සිදුකළේය.  

මෙම පාගමනට හැටන් ප්‍රදේශයේ බෞද්ධ , හින්දු සහ  කිතුනු බැතිමතුන් විශාල පිරිසක්ද සහභාගි වි සිටිහ.

පාගමන හැටන් නගර මධ්‍යයෙන් ගමන් කරන අවස්ථාවේ වෙළදසැල් වසා දමා ව්‍යාපාරිකයෝ ඊට සහයෝගය දක්වා සිටියහ.  

හැටන් රංජිත් රාජපක්ෂ 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.