lakbima.lk

කාසල්රි ජලාශයට මත්ස්‍යය පැටවුන් විසිපන්දහසක් මුදා හැරේ

කාසල්රි ජලශයට ජයන්ට් කාෆ්ට් වර්ගයේ මිරිදිය මත්ස්‍යය පැටවුන් විසිපන්දහසක් අද (23) මුදා හැරිය.

නුවරඑලිය ජාතික ජලජජිවි වගා සංවර්ධන කාර්යයාල යටතේ පාලනය වන නුවරඑලිය මත්ස්‍යය අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද ජයන්ට් කාෆ්ට් වර්ගයේ මත්ස්‍යය පැටවුන් මෙසේ ජලාශයේ ආරක්ෂිත දැල් කුඩු වලට  මුදා හැර තිබුණේ.

එම මත්ස්‍යය පැටුවුන් එම ජලාශයේ සවි කර තිබෙන ආරක්ෂිත දැල් කුඩුවක් මත මුදා හැර එම මත්ස්‍යය පැටවුන් දින 45 ක කාලයක් ජලාශයට හුරු කර එම මත්ස්‍ය පැටවුන් මත්ස්‍යය ඇගිල්ලන් ලෙස වැඩුණු පසු ආරක්ෂිත දැල් කුඩුවලින් ඉවත් කර ජලාශයට මුදා හැරිමට නියමිතය.

ආරක්ෂිත දැල් කුඩු වලට මුදා හැරි මිරිදිය මත්ස්‍යය පැටවුන් ජලාශයේ සිටින අනෙකුත්  මත්ස්‍යයන්ගේ ගොදුරු බවට පත් නොකර හා එම මත්ස්‍යය පැටවුන් එම ජාලාශයට හුරු කිරිමේ පසු ජයන්ට් කාෆ්ට් මත්ස්‍යය පැටවුන් ජලාශයට මුදා හරින බවයි ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය දිස්ත්‍රික් ජාතික ජලජ ජිවි ව්‍යාප්ති නිලධාරි චන්දන ජගත් කුමාර මහතා කියා සිටියේ.

මෙම මත්ස්‍යය පැටවුන් මාස 8 ක කාලයක් තුල කිලෝ 1 ½   ත්, 2 ක් අතර ප්‍රමාණයකට වැඩෙන බවත්, වසරක් වැනි කාලයක් තුල ජලාශයට මුදා හැරි මත්ස්‍යය පැටවුන් මෙන් දස ගුණයකින් මෙම ජයන්ට් කාෆ්ට් මත්ස්‍යයින් බෝ වන බව ජතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නිලධාරින් කියා සිටියේ.

වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහල දැමිමටත්, ඔහුන්ට අඩු මිලකට මිරිදි මසුන් ලබා දිමටත් කාසල්රි ජලාශයේ ධිවරයන්ගේ ආදායම් තත්ත්වය ඉහල දැමිමේ අරමුණින්, කාසල්රි ජලාශයට මේ වන විට මත්ස්‍යය පැටවන් විශාල ප්‍රමාණයක් මුදා හැර ඇති තිබේ. 

හැටන් රංජිත් රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.