lakbima.lk

ගිනිපෙට්ටි කම්හලේ ගින්න

කටුගස්තොට, අලදෙනිය ප්‍රදේශයේ පිහිටි ගිනිපෙට්ටි නිෂ්පාදන පුද්ගලික ආයතනයක ඊයේ (30) පස්වරුවේ ඇතිවූ ගින්නකින් එම නිෂ්පාදනාගාරය සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

ගින්නෙන් රුපියල් කෝටි තුනකට අධික අලාභයක් සිදුව ඇතැයි එම කර්මාන්තායතනය හිමිකරු සඳහන් කරයි.

ගින්න හට ගන්නා අවස්ථාවේ එහි සිටි සේවකයන් පිරිසක් වහා ඉන් ඉවත් වී දිවි ගලවාගෙන ඇතැයි කටුගස්තොට පොලීසිය සඳහන් කරයි.

නිෂ්පාදන ආයතනයේ කාර්ය මණ්ඩලය ප්‍රදේශවාසීන් සහ මහනුවර නාගරික ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් විසින් ගින්න මැඩලීමට කටයුතු කළහ. 

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

නදීක දයා බණ්ඩාර - මහනුවර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.