lakbima.lk

විශිෂ්ටයින් 65 දෙනෙකු විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ලබති

යුද, නාවික හා ගුවන් හමුදාවලට අයත් නිත්‍ය බල සේනාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉටු කරන ලද සුවිශේෂී වූ සේවාව වෙනුවෙන් උපහාර වශයෙන් පිරිනැමෙන විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප‍්‍රදානය, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ  ප‍්‍රධානත්වයෙන් ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ත‍්‍රිවිධ හමුදාවේ සේවයේ යෙදී සිටින සහ විශ‍්‍රාමික නිලධාරීන් 65 දෙනෙකු මෙහි දී ජනාධිපතිතුමා අතින් විශිෂ්ට සේවා විභූෂණ පදක්කම්වලින් පිදුම් ලැබූ අතර, එයට යුද හමුදා නිලධාරීහු 40 දෙනෙක්, නාවික හමුදා නිලධාරීහු 12 දෙනෙක් සහ ගුවන් හමුදා නිලධාරීහු 13 දෙනෙක් ඇතුළත් වූහ. විශිෂ්ට සේවා විභූෂණ පදක්කම සුවිශේෂ ප‍්‍රදානයක් වන අතර, එය යුද හමුදාවේ ලූතිනන් කර්නල් සහ ඊට ඉහළ නිලවල නිලධාරීන් වෙත සහ නාවික හා ගුවන් හමුදාවල ඒ හා සමාන නිල දරන අවම වශයෙන් වසර 25ක  අඛණ්ඩ සේවා කාලයක් හා යහපත් සේවා ඉතිහාසයක් හිමි නිලධාරීන් වෙත පමණක් ප‍්‍රදානය කෙරෙන පදක්කමකි. එම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ඇතුඑ ත‍්‍රිවිධ හමුදාපතිවරුන් සහ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගි වී සිටියහ.             

 - ඡායාරූපය : සුදත් සිල්වා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.