lakbima.lk

තවත් සද්ධන්තයෙක් හක්ක පටස් වලට ගොදුරුවෙයි

හක්ක පටස් කෑම නිසා හටගත් ආබාධ වලින් පෙලෙමින් දින 10ක් පමණ වේදනා විදිමින් නිරාහාරව සිටි වන අලියෙකු ගිරාදුරුකෝට්ටේ ගිරාලගොල්ල කෙත් ඇලක් ආසන්නයේ නිවසක ගෙවත්තක කෙලවරක වැටීසිටියදී ගම්මුන්ට හමුවී තිබේ.ගම්මු පවසන්නේ මේ සද්දන්තයා දැඩි ලෙසටම වේදනාවෙන් දගල දගලාසිටි අතර කෑමට දුන් කිසිවක් පවා කෑමට හැකියාවක් නොමැතිව සිටින බවයි.

මේ පිළිබදව වනජීවී නිලධාරිවරු දැනුවත්කර ඇති අතර ඒ අනුව මධ්‍යම කලාප වන ජීවී සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ  මධ්‍යම කලාප භාර පශු වෛද්‍ය නිලධාරි අකලංක පිණිදිය මහතා ඇතුළු නිලධාරීන් එම ස්ථානයට පැමිණ පණ  අදිමින් සිටි වන අලියාට ප්‍රතිකාර ලබාදීම ආරම්භකර ඇත.

පිණිදිය මහතා පැවසූ පරිදි උසින් අඩි   හත හමාරක් පමණවූද වයසින් අවුරුදු 20ක් පමණ වූද මෙම අලියා පිරිමි සතෙකි. හක්ක පටස් කෑම හේතුවෙන් සතාගේ මුකය හා ගලනාලය ආශ්‍රිතව දැඩි ලෙසම අසාධ්‍ය තුවාල රැසක් හටගෙන ඇති අතර ඒවා පිපිරී සැරව ගලන මට්ටමට පත්වී ඇත. ආහාර ගැනීමට හෝ ජලය පානය කිරීමට හැකියාවක්ද  නොමැත.සතා ආහාර අහේනියෙන් මෙන්ම විජලනයෙන්ද පෙලෙමින් සිටී. අඛණ්ඩවම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටින නමුත් එම සතාගේ ජීවිතය බේරා ගැනීම කෙරෙහි විශ්වාසයක් තැබීමටද හැකියාවක් නොමැති නමුත් සතා බේරා ගැනීම සදහා හැකි සෑම උත්සාහයක්ම දරන බවයි.

බරපතල  තුවාල  ලබා මඩ වලක වැටී දින කිහිපයක්ම වේදනාවෙන්  දුක් විදමින් සිටි වන අලියෙක් මීට ආසන්න ගම්මානයක මඩවල තුලදීම  මින් මාසයකට පමන ඉහතදී මියගොස් තිබුනි.

ගිරාඳුරුකෝට්ටේ එස්.එස්.එස්. ගුණරත්න          

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.