lakbima.lk

දීපාවලී සැමරුම් උත්සවයක් ජනාධිපති මන්දිරයේ දී

ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරන දීපාවලී උත්සවය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. 

සංස්කෘතිකාංග රැසකින් ද මෙම අවස්ථාව වර්ණවත් වූ අතර  ජනාධිපතිතුමා සියලූ හින්දු බැතිමතුන් වෙත සිය සුභාශිංසන පිළිගැන්වීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, අංගජන් රාමනාදන් යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු රැසක් සහ හින්දු බැතිමතුන් විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.

ඡායාරූප : සඳරුවන් අමරසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.