lakbima.lk

මුහුදට වැටුණු තෙල් ඉවතට

තෙල් ප්‍රවාහන නෞකාවක සිට මුතුරාජවෙල තෙල් පිරිපහදුව වෙත නළ මාර්ගයෙන් දැවිතෙල් මුදාහැරීමේදී ඊයේ අලුයම 6.00ට පමණ සිදුවූ තෙල් කාන්දුවකින් එම නැවෙන් ගෙන ආ තෙල් ටොන් 30000ක පමණ ප්‍රමාණයකින් ටොන් 5ත් 10ත් අතර ප්‍රමාණයක් උස්වැටකෙයියාව කල්දියවත්ත මුහුදු ජලයට එකතු වී ඇත. නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර සඳහන් කළේ වෙරළ තීරය පිරිසිදු කිරීම් කටයුතු සඳහා මේ වන විට 300 දෙනෙක්ගෙන් යුත් නාවික හමුදා භට කණ්ඩායමක් යොදවා ඇති බවයි. මෙම පිරිසිදු කිරීම් කටයුතු සඳහා දින තුනක පමණ කාලයක් ගත වනු ඇතැයි තෙල් සංස්ථා සභාපති ධම්මික රණතුංග මහතා පැවැසීය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.