lakbima.lk

සංහිඳියාව උදෙසා ජනපතිගේ කැපවීම අගය කරනවා

ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තහවුරු කරමින් සංහිඳියාවත්, ස්ථිරසාර සාමයත් උදාකර ගැනීමට ජනාධිපති ධුරයට පත් වූ දා සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කරන කැපවීම තමා අතිශයින්ම අගය කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ (30දා) පැවැසීය.
නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන බහුආංශික තාක්ෂණීක හා ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් හතරවන රාජ්‍ය නායක සමුළුවට සහභාගි වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව ඊයේ (30දා) පස්වරුවේ සිදු වූ අතර එහිදී ඉන්දීය  අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී ජනාධිපතිවරයා සමග සුහද කතා බහකට එක්වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එළැඹෙන සැප්තැම්බර් 03 වනදාට යෙදෙන ජනාධිපතිවරයාගේ ජන්ම දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය සුබපැතුම් පළ කළේ මෙම මිත්‍රශීලී හමුව ඉතා අගය කරමිනි.
එමෙන්ම හතරවන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අවසානයේ එහි සභාපතිත්වය ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීමට නියමිත අතර ඒ පිළිබඳ අදහස් දැක්වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බිම්ස්ටෙක් සමුළුවේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවරනු ලබන ඕනෑම කාර්යයක් නිසි අයුරින් ඉටු කිරීමට සූදානම් බව ද කියා සිටියේය.
එමෙන්ම අත්දැකීම් බහුල නායකයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතගේ නායකත්වය යටතේ බිම්ස්ටෙක් සංවිධානය ඉතා ශක්තිමත් සංවිධානයක් බවට පත්වනු ඇති බව සඳහන් කළ නරේන්ද්‍ර මෝදි මහතා ඒ තුළින්  බිම්ස්ටෙක් සමුළුවේ අරමුණු, ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට නව ප්‍රවේශයක් ලැබෙනු ඇති බවද සඳහන් කළේය.
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.