lakbima.lk

දළදා මාලිගාවේ රන්වියන ජනාධිපති අතින් විවෘතවේ

මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් ප්‍රමුඛ දියවඩන නිළමේ නිලංග දෑල මහතාගේ ඉල්ලීම මත ප්‍රතිසංස්කරණය කරන ලද ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන පෙරේදා (25දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරිණි.
රන්වියන විවෘත කිරීමට ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ජනාධිපතිවරයා වෙත සමන් පිච්ච මල් වට්ටියක් ලබාදී ඔහු පිළිගනු ලැබුවේ දියවඩන නිළමේ නිලංග දෑල මහතා විසිනි.  දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් රන් වියන ප්‍රතිසංස්කරනය කරන ලද බවට සඳහන් සමරු පලකයක්ද මාලිගාවේදී විවෘත කරනු ලැබිය. මෙම රන්වියන ප්‍රතිසංස්කරණය කරන ලෙස මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් ප්‍රමුඛ දියවඩන  නිළමේ වරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපති අරමුදලින් මෙම රන්වියන ප්‍රතිසංස්කරණය කර තිබේ.
දළදා මාලිගාවේ  රන්වියන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන හතළිස් පහකට අධික මුදලක් වෙන් කර තිබිණි. රන්වියන ප්‍රතිසංස්කරණය කිරීමේ තාක්ෂණික කටයුතු මොරටුව විශ්ව විද්‍යාලය විසින් සිදු කර ඇති අතර ඉදිකිරීම් කටයුතු කරනු ලැබුවේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවයි. වර්ග අඩි තුන්දහස් හාරසිය පණහකින් සමන්විත මෙම රන්වියන අවසන් වරට ප්‍රතිසංස්කරණය කර ඇත්තේ 2002 වසරේදීය.

ගයා වන්නිආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.