lakbima.lk

මුන්නේෂ්වරම දේවාලයේ මංගල්‍ය සමය 31 දක්වා


ඓතිහාසික හලාවත මුන්නේෂ්වරම ඊශ්වර දේවාලයේ වාර්ෂික නිකිණි පෙරහර මේ දිනවල පැවැත්වේ. පසුගිය 30 වැනිදා දේවාලයේ කප් සිටුවීමෙන් මංගල්‍ය සමය ආරම්භ විය.
ඊශ්වර දේවාලයේ මහා රථය ඇදීමේ උත්සවය පෙරේදා (25දා) දහවල් සිදු කරන ලදී. රථ උත්සවය පැවැත්වීමට පෙර දේවාලය තුළ විශේෂ දේව පූජාවක්ද පවත්වන ලදී. අනතුරුව මුන්නේෂ්වරම ඊශ්වර දේවාලයට අධිපති වඩිවාම්බිගා දේවියගේ සහ මහේෂ්වර දෙවියන්ගේ ප්‍රතිමා රැගත් රථ වීථි සංචාරය කරන ලදී.
ලබන 31 වැනිදා පැවැත්වෙන ෙබෙරව පූජාවෙන් අනතුරුව ඊශ්වර දේවාලයේ මංගල්‍යය සමය නිමාවට පත් වේ.

ජූඩ් සමන්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.