lakbima.lk

ජනපති මැදමුලනට


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරෙකු වූ අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදමුලන රාජපක්ෂ නිවසට පැමිණියේය. ජනාධිපතිවරයා සමග ඇමැති විජේදාස රාජපක්ෂ මහතාද බස්නාහිර පළාත් සභා අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතාද පැමිණ සිටියහ.
රාජපක්ෂ නිවසට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින්ය. චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග මෙන්ම හිටපු කතානායක චමල් රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමගද සුහද පිළිසඳරක යෙදුණහ. මෙම අවස්ථාවට බස්නාහිර මහ ඇමැති ඉසුරු දේවප්‍රිය මහතාද එක්ව සිටියේය.
රාජපක්ෂ නිවසින් පිට වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වීරකැටිය නයිගල පුරාණ රජමහා විහාරයට ගොස් අනතුරුව කොළඹ බලා පිටත්ව ගියේය.

තංගල්ල චන්ද්‍රසේන ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.