lakbima.lk

කෝටියක කේ.ජී. මුහුදේ පාවෙයි

හිමිකරුවකු නොමැති රුපියල් ලක්ෂ 100කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ පාවෙමින් තිබියදී පෙරේදා (18) අලුයම නාවික හමුදාව සොයාගෙන තිබේ.

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් පෙරේදා (18) අලුයම මුහුදේ නිරීක්ෂණ රාජකාරි කරමින් සිටියදී යම් කිසි පාර්සලයක් මුහුදේ පාවෙනු දැක එය සියභාරයට ගෙන පරීක්ෂා කර තිබේ. එහිදී ඇතුළට ජලය නොයෙන ලෙස සකස්කරන ලද ඇසුරුම් 39ක තිබූ කේරළ ගංජා කිලෝ 83.5යි ප්‍රමාණය හමුව තිබේ.

මෙරටට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ නවතම ක්‍රමයක් ලෙස ඉන්දියාවේ සිට වෙනදාට බෝට්ටු මගින් ගෙන්වන ලද මත්ද්‍රව්‍ය මේ වන විට ගැඹුරු මුහුදේදී බෝට්ටු මගින් මුහුදට දමා ශ්‍රී ලංකාව දෙසට පාකරනු ලබයි. මෙම මත්ද්‍රව්‍ය තොගයද ඉන්දියාවේ සිට පේදුරුතුඩුවට උතුරු මුහුදේ සිට ශ්‍රී ලංකාවට පා කර එවන්නට ඇතැයි ආරක්ෂක අංශය සැක පළකරනු ලබයි.

අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය කන්කසන්තුරේ උත්තර නාවික කඳවුර වෙත ගෙනඑනු පසු වැඩිදුර විමර්ශන සඳහා කන්කසන්තුරේ ‍පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

ශානිකා මාධවී පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.