lakbima.lk

ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (16) පස්වරු හය පසුවී මිනිත්තු 16 යෙදෙණ සුභ මොහොතින් වයඹ දිශාභිමුඛව පෙරහැර ශ්‍රී දළදා මාලිගාවේ  පෙරහැර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව්මහා දේවාල සමගින් දළඳා වීදීය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළට පැමිණ ගෙවැදීම සිදුවිය.


ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර කරඩුව රැගත් ඉන්දිරාජා ඇතු මියන් රාජා හා බුරුම රාජා දෑල ඇතුන් සමඟ පෙරහැරට එක්විය.මහනුවරට ඇද හැලුණු වැසි නොතකා පෙරහැර නැරඹීම සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් වීදි දෙපස රැදී සිටියෝය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.