lakbima.lk

පිච්චමලින් අනුරපුර සුවඳවත් වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ රජයටත් සියලුම ආරක්ෂක අංශ සාමාජිකයන්ට හා සමස්ත රටවැසියන්ටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය පතා අනුරාධපුර අටමස්ථාන පූජා භූමියේ පිහිටි ජය ශ්‍රී මහ බෝ සමිඳුන් අබියස පෙරේදා (07) අලුයම පැවැති සත්බුදු වන්දනා පුෂ්‍පෝපහාර පූජා උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පෙරේදා (07) අලුයම මෙම පින්කමක් පැවැත්වූ අතර පෙර රජ දවස සිට පැවැතෙන චාරිත්‍රයන්ට අනුව 108ක් වූ හේවිසි ශබ්ද පූජා මධ්‍යයේ සතර වාහල්කඩ කිරි උතුරවා එම කිරිපිඬු සහිත පූජාවන් රන් රිදී මුතු මැණික් සහ පලතුරු පූජාවන් පවත්වමින් සත්බුදු ආශිර්වාද පූජාව පැවැත්වුණි.

යුද්ධයේදී මියගිය රණවිරුවන්ට සහ මියගිය සියලු රටවැසියන්ට පින් පමුණුවමින් විශේෂ ආගමික වාතාවත් මෙහිදී සිදු කෙරුණි. කෑගල්‍ලේ පඤ්ඤාරතන ස්වාමින් වහන්සේ ආගමික වතාවත් මෙහෙය වූ අතර වළපනේ ශාසනරතන නාහිමියෝ පුණ්‍යානුමෝදනාව සිදු කළහ.

ශාන්ති පදනමේ නිර්මාතෘ කොට‍පොළ අමරකිත්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්‍ලේගම සිරිනිවාස නාහිමියන්ගේ සහ රුවන්වැලි ෙචෙත්‍යරාමාධිපති පල්‍ලේගම හේමරතන නාහිමියන්ගේ ආශිර්වාදයෙන් ශාන්ති පදනම 29 වැනි වරටත් සංවිධානය කර අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා ඉකුත් 07දා පැවැත්වූ මල් පූජාවට මහා සංඝරත්නය ඇතුළු අතිවිශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටියහ.

අනුරාධපුර ථූපාරාමය අබියසින් ඇරඹි පෙරහර රුවන්වැලි මහා සෑය පසුකරගෙන පෙත්මග ඔස්සේ ජයශ්‍රී මහා බෝධිය දක්වා ගමන් කිරීමෙන් අනතුරුව ජයශ්‍රී මහා බෝධියට පිච්ච මල් පූජා කළහ.

බුද්ධික මහේෂ් විජේසූරිය - සරත් දිසානායක (රඹෑව)

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.