lakbima.lk

හැටන් තරුණ බෞද්ධ සංගමයේ නිලධාරින් ක්‍රිෂ්තු දෙව් මැදුරට

පසුගිය 21වන දින සිදුවු මිලේච්ච ප්‍රහාරයෙන් මිය ගිය ක්‍රිෂ්තු භක්තිකයන් වෙනුවෙන් හැටන් තරුණ බෞද්ධ සංගමයේ ශෝකය ප්‍රකාශ කිරිමට එහි නිලධාරින් පිරිසක් හැටන් ක්‍රිෂ්තු දෙව් මැදුරට 05වන දින යන ලදි.

එම බෝම්බ ප්‍රහාරයත් සමග හැටන් ක්‍රිෂ්තු දෙව් මැදුරේ ආරක්ෂාව සදහාද ප්‍රදේශයේ ක්‍රිෂ්තු භක්තිකයන් දිවා රාත්‍රියේ රැදි සිටින අතර ඔවුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍යද එම නිලධාරින් විසින් එදින හැටන් සිරි කුරුස දෙවස්ථායේ මීසම් පාලක නිවුමන් පිරිස් පියතුමන් වෙත බාර දෙන ලදි.

මෙහිදි අදහස් දැක්වු හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක හැටන් තරුණ බෞද්ධ සංගමයේ පැවදි අනුසාසක දර්ශනපති පුජ්‍ය මහගම විමල නායක හිමියන් පවසන ලද්දේ හැටන් නගරයේ සියලුම ජාතින් සියලුම ආගමිකයන් එක මවකගේ දරුවන් ලෙස කටයුතු කරන බවත් මෙවන් අවස්ථාවේදි හැටන් ප්‍රදේශයේ කිතුන් භක්තිකයන් තනි නොකරන බවත් ඔවුන්ට අවශ්‍ය ඕනැම උදවුවක් කිරිමට කටයුතු කරන බවත්ය.

එහිදි අදහස් දැක්වු හැටන් සිරිකුරුස දේවස්ථානයේ මිසම් පාලක නිවුමන් පිරිස් පියතුමන් පවසන ලද්දේ හැටන් තරුණ බෞද්ධ සංගමය හැටන් විහාරාධිපති ගරුතර ස්වාමින් වහන්සේ සමග මෙම දේවස්ථානයට පැමිණිම පිළිබදව තමන් මෙන්ම ප්‍රදේශයේ කිතුනු ජනතාව සතුටට පත්වන බවත් මෙම ප්‍රදේශයේ සියලුම දෙනා එකට එක්ව කටයුතු කිරිම අගය කල යුතු බවත්ය.

එමෙන්ම හැටන් සිරි කුරුස දේවස්ථානයට සම්බන්ධ කිතුනු ජනතාවද නිරන්තරයෙන් අන් ජාතින් අන් ආගමිකයන් සමග ඉතාමත් සුහදව ලෙන්ගතුව කටයුතු කිරිමට නිරන්තරයෙන් පියවර ගන්නා බවද පවසන ලදි.

සුදත් සෙල්ලහේවා  - හැටන්  

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.