lakbima.lk

සුදු ගඟේ අපද්‍රව්‍ය ඉවත් කළ පරිසර මිතුරෝ

මාතලේ නගරය මැදින් ගලා බසිනා සුදු ගඟට ඝන අපද්‍රව්‍ය අපද්‍රව්‍ය බැහැරලීම කාලයක් තිස්සේ පවතින පරිසර ගැටලුවකි.

මෙසේ  බැහැරලන ඝන අපද්‍රව්‍ය සුදු ගඟ ඔස්සේ බෝවතැන්න ජලාශය දක්වා කිලෝමීටර් 30 කට වැඩි දුරක් දක්වා ජලයේ පාවෙමින් ගමන් කරයි.මේ වනවිට බෝවතැන්න ජලාශයේ හා සුදු ගඟේ ඉවුරු දෙපස එම ඝන අපද්‍රව්‍ය ටොන් ගණනින් තැන්පත්ව තිබෙනු දැකිය හැක.

මාතලේ පරිසර මිතුරෝ සංවිධානය විසින් නාඋල බෝගස් බෝබල්ල  විදුහලේ දරු දැරියන්, ප්‍රදේශයේ වැඩිහිටි ජනතාව සම්බන්ධවී බෝවතැන්න ජලාශ ඉවුර දෙපස එක්රැස්වී තිබු ඝන අපද්‍රව්‍ය ලෙස සැලකෙන පල්ස්ටික්, පොලිතින්, විදුරු බෝතල් දහස් ගණනක් ඉවත් කිරීමේ සමාජ මෙහෙවරක් 07 දින දවස පුරා සිදු කළහ. දැඩි දුර්ගන්ධය හමුවේ එය විඳදරා ගනිමින් අවම පහසුකම් යටතේ කිසිදු රාජ්‍ය ආයතන මැදිහත්වීමකින් තොරව මෙම සද්කාර්ය කිරීම පැසසිය යුතුවේ.

මාතලේ නගරයෙ ව්‍යාපාරික, කර්මාන්ත, රෝහල ඇතුළු බොහෝ  ස්ථානවලින්  ඍජුවම බැහැරලන ඝන අපද්‍රව්‍ය සුදු ගඟට එකතුවීමෙන් ගඟේ ජලය පරිහරණය කරන ජනතාව මෙන්ම සතා සිවුපාවුන් ටද සෞඛ්‍යමය ගැටළු ඇතිකරවන්නක් බවත් පරිසරයට සිදුවන හානිය බරපතල කරුණක් බව මාතලේ පරිසර මිතුරෝ සංවිධානයේ සභාපති රවින්ද්‍ර කහඳආරච්චි මහතා පෙන්වා දෙයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මාතලේ නගරයෙන් සුදු ගඟට ඝන අපද්‍රව්‍ය බැහැර නොකිරීමේ වගකීම පුරවැසියන්ටද තිබෙන බවත් දැනට ඇතිව තිබෙන තත්වයට විසදුම් ලබාදීමට රාජ්‍ය ආයතනයන්හි වගකීමක් බවද පැවසිය.   

අශෝක එරමිනිගම්මන - දඹුල්ල

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.