lakbima.lk

සදාතුක කරඩුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ගමන් මාලිගාවට


ශ්‍රි පාද උඩ මළුවේ සිට මාර්ග තුනක් ඔස්සේ වැඩම කළ සදාතුක කරඩුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ අද (20) පස්වරු වන තෙක් පැල්මඩුල්ල රජ මහ විහාරස්ථානයේ ගමන් මාලිගාවේ තැන්පත් කෙරේ.

ශ්‍රි පාද  වන්දනා වාරය අවසන් විමත් සමග පැල්මඩුල්ල රජ මහ විහාරස්ථානයේ ගමන් මාලිගාව දක්වා ඊයේ (19) රාත්‍රියේ වැඩම කෙරු සදාතුක කරඩුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ අද (20) පස්වරු 3 තෙක්  බැතිමතුන්ට වැද පුදා ගැනීමට අවස්තාව සලසා දි ඇති බව ශ්‍රි පාදස්ථානාධිපති  බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසිය.

2018-2019 ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනයෙන් අවසන් විමෙන් පසු ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර තිබු සදාතුක කරඩුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද උඩ මළුවේ සිට නල්ලතන්නිය දක්වා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ නිලධාරින් සහ භට පිරිස් විසින් ඊයේ (19) පස්වරුවේ පහළට වැඩම කරනු ලැබුවා.

ශ්‍රි පාද උඩ මළුවේ සිට රත්නපුර රජ මාවත ඔස්සේත්, බගවන්තලාව බලංගොඩ මාර්ගය ඔස්සේත්, ලක්ෂපාන යටියන්තොට අවිස්සාවේල්ල රත්නපුර මාර්ගය ඔස්සේත් පැල්මඩුල්ල රජ මහ විහාරස්ථානයේ රජ මහ විහාරස්ථානයේ ගමන් මාලිගාව දක්වා රිය පෙරහැරවල් තුනක් මගින් සදාතුක කරඩුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ වැඩම කරනු ලැබුවා.

නල්ලතන්නියේ බෞද්ධ මධ්‍යස්ථානය දක්වා ඊයේ පස්වරුවේ  වැඩම කර වු සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණවලට වැද පුදා ගැනීම  සදහා ප්‍රදේශයේ දේශපාලඥයන් , ආරක්ෂක අංශ නිලධාරින්  මෙන්ම  විශාල බැතිමතුන් පිරිසක් ද පැමිණ සිටියහ.

පැල්මඩුල්ල රජ මහ විහාරස්ථානයේ ගමන් මාලිගාව තුළ තැන්පත් කර තිබෙන සදාතුක කරඩුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ අද පස්වරුවේ තවත් රිය පෙරහැරක් මගින් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජ මහ විහාරස්ථානය දක්වා වැඩම කර ශ්‍රි පාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තැබෙන බවයි ශ්‍රි පාද්ස්ථානාධිපති හිමියන් කියා සිටියේ.

ශ්‍රි පාද අවාරයේ ශ්‍රි පාදස්ථානය කරුණා නොකරන ලෙසත් එසේ යම් කෙනෙකුට ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට  අවශ්‍යය නම් පොලිසිය දැනුවත් කර ශ්‍රි පාදය කරුණා කරන ලෙස ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ ඉල්ලා සිටිහ.

හැටන් - රංජිත් රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.