lakbima.lk

වෙසක් සමයට විකුණන්න ගෙනා අරක්කු

 

 

                                                                                              

බලපත්‍රයක් නොමැතිව රජයේ අරක්කු බෝතල් 19 ක් ත්‍රීවීල් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී එක් සැකකරුවෙක් සමග ඊයේ (15) පස්වරුවේ ට පමණ මස්කෙළිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මස්කෙළිය පොලිස් වසමට අයත්, සාමිමලේ සිට  ස්කාබ්‍රෝ කොටස බලා මෙම අරක්කු තොගය ප්‍රවාහනය කරමින් සිටියදී පොලීසියට ලද තෙරතුරක් මත වැටලීම සිදු කළ බව මස්කෙළිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්තනායක මහතා පැවසීය.

අරක්කු තොගය සමග සැකකරු හා ත්‍රීවීල් රථය අද (16) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවන බව මස්කෙළිය පොලීසිය පවසයි.

මස්කෙළිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල්වරුන් වන අපොන්සු (81032), රාමනාදන් (89032) හා නිත්‍යරාජ් (36605) යන නිලධාරීහූ මෙම වැටලීමට සහභාගී වූහ.

 

මස්කෙළිය - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.