lakbima.lk

රංගනගෙන් වවුනියාව අඩු අදායම්ලාභී පවුල් වෙත නිවාස

ලෝක පූජිත ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් මහතාගේ මූල්‍ය දායකත්වය යටතේ වන්නි ආරක්ෂක සේනා බල ප්‍රදේශයේ ජිවත්වන අඩු ආදායම්ලාභී පවුල් දෙකක් වෙත ස්ථිර නිවාස ඉදිකිරීමට මුල්ගල තැබීම රංගන හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.
 
නව නිවාස  දෙක 21 වන සේනාංක බල ප්‍රදේශයේ මැදවච්චිය අගුනොච්චිය ලිපිනයේ පදිංචි එස්.සංජීව සිරිසේන මහතා සහ 56 වන සේනාංක බළප්‍රදේශයේ වව්නියාව දිස්ත්‍රික්කයේ පදිංචි කේ.ඒ.එස් සරත් තිලකරත්න මහතා වෙත ලබාදීමට නියමිතය.
 
වන්නි ආරක්ෂක ‍සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ දෙවන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ හත්වන ශ්‍රීලංකා  සිංහරෙජිමේන්තුවේ නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වය මත අදාළ නිවාස ඉදිකිරීමට නියමිතය.
 
 
වන්නි ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතාගේ ‍මෙහෙයවීම මත බල ප්‍රදේශයේ ජිවත්වන ඉතා අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් මැදවච්චිය පුල්එලිය, සැලළිහිණිගම, වව්නියාව ගනේෂපුරම්, වව්නියාව පම්පෙමඩු, ගලෙන්බිදුණුවැව සහ වැලිඔය ප්‍රදේශයන්ගේ නව නිවාස සදා මීට පෙර පරිත්‍යාග කරනු ලැබීය.
 
 
වැඩසටහන් අවස්ථාවට 211 බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති කර්නල් ලාල් විජේතුංග මහතා, 561 බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති කර්නල් ආර්.ඒ.එන්.කේ රත්නායක මහතා, ආරක්ෂක සේනා මුලස්ථානය කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් අනිල් පීරිස් මහතා, වන්නි යුධ හමුදා නිලධාරීන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
 
වවුනියාව - මාධව කුලසූරිය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.