lakbima.lk

යුද ජයග්‍රහණයේ දස වන වර්ෂ පූර්ණය වෙනුවෙන් පිංකම් මාලාවක්

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි යුද ජයග්‍රහණයේ දස වන වසර නිමිති කොටගෙන මිය ගිය රණවිරුවන් වෙත පිං පැමිණවීම සඳහා දිවයිනේ පළාත් 09 ආවරණය වන සේ තෝරාගත් විහාරස්ථාන 09 ක 19 වනදා සර්ව රාත්‍රික පිරිත් දේශනාවන් පවත්වනු ලැබිණි.

බස්නාහිර පළාත වෙනුවෙන් නාරාහේන්පිට අභයාරාමයේ පැවති සර්ව රාත්‍රික පිරිත් දේශනාව සවන්දීම සඳහා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ  මහතාද එක්විය.

බෙල්ලන්විල රජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සර්ව රාත්‍රික පිරිත් දේශනාව පවත්වන ලදී.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, මහින්ද යාපා, බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් හා හිටපු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ද එක්වූහ. 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.