lakbima.lk

මුල්ලිවයික්කාල් ධීවර දැළකට හසුවු මුතු තල්මසෙකු මුදා හරී

 

 

මුලතිව්, මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ධීවර දැළකට හසුවු මුතු තල්මසෙකු ඊයේ (11) සවස නැවත සාගරයටම මුදාහළ බව මුල්ලිවයික්කාල් ධීවරයෝ පවසති.

මුල්ලිවයික්කාල් ධීවරයින් පැවසුවේ තමන් එළන ලද දැළකට විශාල මාළුවෙකු හසුවී තිබු අතර, දැල වැල්ලට ගැනීමේදී තල්මසා හසුව සිටි බව දැක ගැනීමට හැකිවු බවයි.

තල්මසා දැළට පැටලී සිටි බැවින් තල්මසා දැලින් ඉවත්කොට නැවත සාගරයටම මුදාහළ බව ධීවරයෝ පැවසූහ.

මීට පෙරද දැල්වලට හසුවූ තල්මසුන් මුලතිව් සාගරයට මුදාහළ බව ධීවරයින් සඳහන් කළහ.

 

වවුනියාව - මාධව කුලසූරිය

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.